සටහන – රුවන් නෙළුගොල්ල
වත්මන් රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ IMF ගිවිසුමේ කොන්දේසි වෙනස් කරන්නේ යැයි සඳහන් කර ජන වරමක් ලබා ගත්තත් අද එම ජන වරම පාවා දී ඇති බවත් බදු අඩු කිරීම, වැට් බදු අඩු කිරීම, ජනතාවට සහන ලබා දෙන නව IMF ගිවිසුමකට ප්‍රවේශ වන බව පැවසුවත් අවසානයේ ජනතාවගේ විශ්වාසය බිඳ දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එසේම මේ රජය මැතිවරණ වේදිකාවේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක නොකර එය වෙනස් කරන බව කීවත් අද වන විට වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ IMF ගිවිසුමම බවත් මැදා කී කිසිවක් වත්මන් රජය අද නොකරන බවත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මාරු වුණාට ක්‍රියාත්මක වන්නේ පරණ ක්‍රමවේද බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන් ම ජාතික වැදගත්කමින් යුත් කාරණාව වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන සොයනවා වෙනුවට රජය IMF ගිවිසුම සංශෝධනය කරනවා කියා බලය ගෙන එය නොකර සිටීම ගැන සෙවීම බවත් ඒ ගැන මාධ්‍යවේදීන් සෙවිය යුතු බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන සොයන්නට පෙර ජනතාව දුක්වෙන කරුණු ගැන සොයන ලෙසත් බඩු මිල වැඩි වීම ජීවන බර වැඩිවීම සිදුවන බවත් මේ ගැන සොයා බැලිය යුතු බවත් ප්‍රකාශ කළේය.
තවද ඉන්ධන මිල අඩු කරන බවට පොරොන්දු වුවත් රජය එවැනි දෙයක් කර නොමැති බවත් ඔවුන්ට ජනතාව මන්ත්‍රී ආසන 159ක් ලබා දුන්නේ මේවා අඩු කිරීමට බවත් සිහිපත් කළ ඒ මහතා එහෙත් මේවා අඩු නොකර ජනතාව රවටමින් සිටින බවත් වේදිකාවේ කියූ දේවල් කරන්නට රජයට නොහැකි වී ඇති බවත් රටේ ලක්ෂ 220ක් පොදු ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය හඩ නගන බවත් පැවසීය.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 24) කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.