බාල ඖෂධවල වින්දිතයින්ට සාධාරණය ඉටුකරන්න -වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලයි

කොළඹ LNW:බාල ඖෂධ නිසා ආබාධිත තත්ත්වයට පත්වූ රෝගීන් මුහුණ පාන ලද ගැටළු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ජා කිරීම සඳහා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම රැගත් ලිපිය අද (25) අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් භාරගෙන තිබුණි.

පසුගිය කාලයේ දුර්වල සහ දූෂිත සෞඛ්‍ය පරිපාලනය නිසා සෞඛ්‍ය අමාතයාාංශයේ ක්‍රියාදාමයන් කෙරෙහි මහජන විශ්වාසය බිදවැටී ඇති බවත්,එම තත්තත්තවයන් සම්බන්ධයෙන් සාකච්ඡා කොට ප්‍රයෝගික විසදුම් ලබාගත හැකි ක්‍රයමෝපායන් පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයාට අදහස් ඉදිරිපත්
කිරීමට අදහස් කරන බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය යොමුකර ඇති එම ලිපියේ දක්වා ඇත්තේ.

ගුණාත්තමකභාවයෙන් අඩු ඖෂධ හේතුවෙන් විපතට පත් රෝගීන්ගේ ගැටළු සමබන්ධයෙන් මේ වන විට කරුණු අධ්‍යයනය කර ඇති බවත් ඒ පිළිබද විවිධ කමිටු හා වාර්තා හා තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට මෙන්ම වගකිව යුතු ඖෂධ සමාගම් වෙතින් අදාල වන්දි මුදල් ලබාගැනීමට අදාල නීතිමය කටයුතු ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු කටයුතු සුදානම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වෛද්‍ය අසාංග වික්‍රමසිංහ මහතා එම පිරිස හමුවේ පවසා තිබේ.

ඒ අනුව මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීමට දැනටමත්ත සෞඛ්‍ය අමාත්‍යවරයා මූලික පියවර ගෙන ඇති බවත් අසංග වික්‍රමසිංහ මහතා කියා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...