දකුණට දැන් ප්‍රශ්නය උතුරේ සමරුමද? කැබිනට් ප්‍රකාශක පිළිතුරු දෙයි!

Date:

කොළඹ LNW.ඥාතීන් සැමරීම සහ LTTE හෝ ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම යනු කාරණා දෙකක් වන හෙයින් මෙය පටලවා ගත යුතු නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී උතුරේ මහ විරු දිනය සැමරීමේ සූදානමක් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් උතුරේ යුද්ධයේදී මිය ගිය පිරිස් සිහිකිරීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ යම් තැනක මිය ගිය ඥාතීන් සමරනවා නම් පුද්ගලිකව ඊට බාධා කිරීමට රජයකට අයිතියක් නැති බවයි.

ඥාතීන් සැමරීමට ඇති අයිතියට ගරු කරන අතර වෙනත් ආකාරයේ නීති විරෝධී සහ රජය වශයෙන් තහනම් කරන ලද කිසිවකට අවස්ථාවක් නොලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

”2011 අගෝස්තු 29 රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් තියෙනවා. ඒ අනුව ත්‍රස්තවාදී සංවිධාන තහනම් සංවිධානවලට මුදල් එකතු කිරීම,ප්‍රචාරය කිරීම, සංවිධානය කිරීම,ඊට අදාළ ලාංජන,කොඩි, සංකේත ප්‍රදර්ශනය කිරීම තහනම් කරලා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. කිසිදු ආකාරයකට තහනම් සංවිධානයක,ත්‍රස්තවාදී සංවිධානයක සැමරුම්, ලාංජන, කොඩි, පතාක කිසිවක් ප්‍රදර්ශනය කිරීමට අයිතියක් නැහැ. ඒක බොහොම පැහැදිලිව මහජන ආරක්ෂක අමත්‍යවරයා මාධ්‍යවලට කියල තියෙනවා. හැබැයි යම් තැනක මිය ගිය ඥාතීන් සමරනවා නම් පුද්ගලිකව ඒකට බාධා කරන්න රජයකට අයිතියක් නැහැ. ඥාතීන් සැමරීම කියන්නේ එකක්. LTTE හෝ ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම කියන්නේ තව එකක්. ඒ නිසා කිසිසේත්ම ඔය දෙක පටලවා ගත යුතු නැහැ. අපි බොහොම පැහැදිලිව කියල තියෙනවා ඥාතීන් සැමරීමට ඇති අයිතියට ගරු කරන අතර වෙනත් ආකාරයේ නීති විරෝධී සහ රජය වශයෙන් තහනම් කරන ලද කිසිවකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...