වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින්, ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව අද (26) දින පැහැදිලි කිරීමක් කළේය.

 නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ,

“කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවරස ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍යකරන අතිරේක බෆර්රීසව් හදලා තියෙනවා. ඒ සීමාවට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත ඒ අවස්ථාව ලබාදෙන්නේ පළවෙනි අදියරයේදී.

අවස්ථා තුනකදී තමයි මේ අවස්ථාවන් ටික ලැබෙන්නේ. මොකද ක්‍රමිකව මේ ස්ථායිකරන වැඩසටහනට අනුගාමිව මේක යන්නට ඕනේ. සංචිත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකට දැන් හැදිලා තියෙනවා ඩොලර් බිලියන 6.4ක්. ඒ නිසා එකවර මේක අතහැරලා ස්ථාවරභාවය කඩා බිඳ දමන්න නැහැ. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...

සනත් සහ හෙසන් හරහා ලංකාවේ ජයග්‍රහණය දෙසට හැරෙමු

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: පකිස්තානය සහ ශ්‍රී ලංකාව...