ADB වෙතින් ඩො.මි. 200ක ණයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

ආසියානු සංවර්ධන බැංකුව විසින් ,ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක් ලබාදී තිබේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, මෙරට ආර්ථිකයේ විවිධ අංශ වල ක්‍රියාත්මක ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමයි.

මෙම වැඩසටහන යටතේ පළමු ණය මුදල ලෙස 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක් නිකුත් කර තිබුණි.දෙවැනි උප වැඩසටහනට අදාළ ඩොලර් මිලියන 200 භාණ්ඩාගාරයට නිදහස් කිරීමට නියමිතය.වසර 5ක සහන කයක් සහිතව වසර 25ක කාලයක් එම ණය නැවත ගෙවීමට ලැබෙන අතර වාර්ෂික පොලිය 2%කි.

ඊට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆූමි කඩෝනෝ විසින් කොළඹදී අත්සන් තබා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...