පහුගිය කාලේ වුණ දේවල්වල සත්‍ය සොයනවා පමණක් නොව යුක්තියත් ඉටුකරනවා!

Date:

කොළඹ LNW:පසුගිය කාලයේ ජාතීන් තර අසමඟිය ඇතිවීමට මඟ පෑදු කරුණු කාරණාවල සත්‍ය සෙවීම පමණක් නොව ඊට යුක්තිය ඉටු කිරීමෙන් වගකීමද පවතින බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩභාරගනිමින් පැවසුවේය.

එමෙන්ම නැවත එවැනි දේවල් සිදු නොවීමට වගබලා ගැනීමේ වගකීමද පවතින අතර ජාතික ඒකාබද්ධතාවය, ජාතිය සමඟිය, සහජීවනය ගොඩනැගීම සඳහා සියලු දෙනා එකතු වී වැඩකරමු යනුවෙන් මුනීර් මහතා ඉල්ලා සිටියේය.

”පහුගිය කාලයේ වෙච්ච දේවල් පිළිබඳව සත්‍ය සෙවීමේ වගකීමක් අපට තිබෙනවා. ජාතීන් අතර අසමඟියන් ඇතිවීමට පෑදූ කරුණු කාරණා පිළිබඳව සත්‍යයන් සෙවීම අපේ වගකීමක්. ඒ වගේම සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නැහැ. සත්‍ය සෙවීම ඔස්සේ යුක්තිය ඉටුකරන්න අපට අවශ්‍යයි. ඒ වගේම තමයි යුක්තිය ඉටුකිරීමෙන් පමණක් අපට ජාතික ඒකාබද්ධතාවය ගොඩනගන්න බැරි වෙනවා. අපිට නැවතත් එවැනි දේවල් සිදුනොවීමට අපි වගබලා ගන්න ඕනේ. ඒ නිසා අපිට පුළුල් පරාසයක් ලැබී තිබෙනවා. මම ඉල්ලීමක් කරනවා මේ රටේ සියලු පුරවැසියන්ගෙන් අපි මෙතෙක් ආ මේ ගමන් මඟ වෙනස් කරමින් විශේෂයෙන් අපි හැමකෙනාම මේ ජාතික ඒකාබද්ධතාවය, ජාතිය සමඟිය, සහජීවනය ගොඩනගන්න අපි එකතුවෙලා වැඩ කරමු. මාධ්‍යයෙනුත් මම ඉල්ලීමක් කරනවා,ඔවුන්ටත් විශාල කාර්යභාරයක් තිබෙනවා ජාතීන් අතරේ සුහදත්වය,මිත්‍රත්වය අවබෝධය ගොඩනගන්න. මේ යුගයේ ලොකුම කාර්යයක් කරන්න පුළුවන් පාර්ශවය තමයි මාධ්‍යය. ඒ නිසා අපි මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්තියත් එක්ක යන මේ අවස්ථාවේදී ජනතාව අතර ඒ මිත්‍රත්වය,සුහදත්වය,අවබෝධය ගොඩනැගෙන කාර්යයන්වලට ප්‍රමුඛතාවය දී ඒ වෙනුවෙන් අපි වැඩකරමු කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.” යනුවෙන් මොහොමඩ් මුනීර් මව්ලවිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...