*
Friday, December 27, 2024
spot_img

Latest Posts

ක්‍රීඩකයින් ගහ ගැනීම වගෙම ක්‍රීඩා පුහුණුකරුවන් ප්‍රසිද්ධියේ කරන පහරදීම්වලටත් පියවර ගත යුතුයි.ක්‍රීඩා ඇමතිගේ සුගතදාස කතාව අපේ කතාවකුත් එක්ක

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 29,(LNW) කොළඹ :

ක්‍රීඩාවේ ජයග්‍රහණ අවශ්‍යයි. නමුත් අපි ජයග්‍රහණ පමණක් නොව ජය පරාජය දෙකම හුරු ගුණාත්මක ක්‍රීඩකයෙක් බිහි කළ යුතුයි. පාසල් කාලයේදීම මේ ගුණාංග ක්‍රීඩකයින්ට ලබා දීම අපේ වගකීමක්, යුතුකමක්. අපි පහුගිය කාලයේ සමාජ මාධ්‍යයේ දැක්කා, පාසලක රග්බි කීඩකයින් රණ්ඩු කරනවා. ඒ තත්වය වෙනස් කර ක්‍රීඩකයින් අතර සුහදත්වය, ක්‍රීඩාශීලිත්වය වැඩිදියුණු කළ යුතු බව පෙන්වා දෙමින් අමාත්‍යවරයා මෙහිදී උදාහරණයක් ද ඉදිරිපත් කළේය.


අමාත්‍යවරයා මේ බව කීවේ සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රය නිරීක්ෂණයට ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරුන් සමඟ එක් වූ අවස්ථාවේදී අදහස් දක්වමින්ය.
අමාත්‍යවරු යනු සෑම දෙයක්ම දකින ඇහෙන විශේෂ සත්ව කොට්ඨාශයක් නොවන බව අපි දනිමු.ඒ නිසා ඔවුන්ට තොරතුරු ඒ ආකාරයෙන් වාර්තා කිරීම වැදගත්ය.ඒ නිසාම අමාත්‍යවරයාට පහත සඳහන් කරුණු ද පෙන්වා දෙන්නට තීරණය කළෙමු.
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ද පුහුණුකරුවෙක් පාසල් ක්‍රීඩකයෙකුට කණට ගැසීම සම්බන්ධයෙන් එහි ප්‍රධානියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම කටයුතු කරද්දිත් පියවරක් නොගැනීම ගැන සඳහන් නොකළේය.ඒ බලපෑම් සහගතභාවය පුහුණුකරුවන්ගෙන් පමණක් නොව පාසල් පද්ධතිය භාරව සිටින නිලධාරීන්,ගුරුවරුන් වැනි කොටස්වලින් ද සිඳුවන බව අප මීට පෙර අවස්ථා ගණනක්දී පෙන්වා දී ඇත්තෙමු.


විශේෂයෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලවලදී ක්‍රීඩකයින්ගේ කොණ්ඩා කැපීම සඳහා එහි නිලධාරීන් විසින් ඉසව්වට වාර්තා කර සිටින මොහොතේද කටයුතු කරන අයුරු අපි දැක ඇත්තෙමු.එසේම නවීන ක්‍රීඩා ඇඳුමකින් ක්‍රීඩිකාවකගේ ශරීරිය නිරාවරණය කොටසනේ තැති ගන්නා පිරිස් ද ඒ අතර වන්නේය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියේදී භාවිතා කර ඇඳුමෙන් තරගයට ඉදිරිපත් වෙන්න ආවද,එය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගවලට නුසුදුසු බව කියමින් වෙනත් ඇඳුමක් අඳින්නට යැයි ඉසව්වට යන මොහොතේ බලපෑම් කරන අවස්ථා ද අපි වාර්තා කර ඇත්තෙමු.


ලෝක ක්‍රීඩාව සමඟ සමව පෙරට යන්නට අවශ්‍යය වන්නේ ලෝක ක්‍රීඩා සංස්කෘතිය මත පිහිටා ක්‍රියා කිරිම විනා කොණ්ඩයේ මෝස්තරය,ඇඳුමේ දිග පළල තීරණය කිරීම නොවන බව අපි විශ්වාස කරන්නෙමු.ඒවා ක්‍රීකයා මත ගොඩ නඟන අමතර පීඩනය කෙතරම්ද යන්න ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරවාගෙන්ම අත්දැකීම් සහිතව අසා දැන ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි වෙනු ඇත.සංස්කෘතිය ලෙස ක්‍රීඩාවට අඳින ඇඳුමට කොණ්ඩයටත් සීමා පනවා හිර කරන පරම්පරාවක හෙට දවස ඉදිරියේ ගොඩ නැඟෙන ගැටළුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින නවීනත්වය සහ වෙනස් අනන්‍යතා සම්බන්ධ ගෞරවීනය දැක්මක් ඇතැයි විශ්වාස කරන අග්‍රාමාත්‍යතුසියගේ ද සහය ඇතුව ක්‍රීඩා අමාත්‍යවරයාට ද දායක වී පාසල් කේෂ්ත්‍රයේ ගොඩ නැඟීම අපහසු නොවනු ඇත.


එසේම සමහර අවස්ථාවලදී දක්ෂතම ක්‍රීඩකයා තේරිම වැනි කාරණා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් සකසා ඇති ලකුණු සටහනට පිටින් ද සිඳු කරන බව ද ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ද දැනුවත්ය.ලකුණු නිර්ණය කරන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට ක්‍රීඩකයාගේ වයසට අනුව සමහර තාක්ෂණික ඉසව්වල උපකරණවල බර සහ උස වැනි මිමි ද වෙනස් කර භාවිතයට ගන්නා අතර ඒවා සාමාන්‍ය ලෙස ගතහොත් වයසට සාපේක්ෂ උස වගේම ලකුණු සටහනට ද සාපේක්ෂය.එහෙත් ඇතැම් නිලධාරීන් යම් ක්‍රීඩකයෙකුට වඩා වෙනත් ක්‍රීඩකයෙකුට තැන දීමට අවශ්‍යය වූ විට තාක්ෂණික කාරණාවක් මතු කර දක්ෂතා නොසළකා හරින තත්ත්වයන් වාර්තා වන අතර මීට දෙවසරකට පෙර එම අවාසනාවන්ත ඉරණමට සුගත් තිලකරත්නගේ පුහුණුකරු යටතේම ක්‍රීඩා කරන අයෝමාල් අකලංකට ද මුහුණ දෙන්නට සිදු විය.
ඒ හැරෙන්නට අමාත්‍යවරයා සුගතදාස සංකීර්ණයේ කරන ලද කතාවන් අතරින් වැදගත් පහත කොටස් ද වැදගත් බැවින් එය ද පහතින් දක්වන්නට අපි තීරණය කළෙමු.
“දේශපාලනය, පක්ෂ බේද, මෙතෙක් සිදුවූ අඩුපාඩු අමතක කරලා වැඩ පටන් ගමු, හැබැයි සිදු කළ හොරකම්, වංචා, දූෂණ අමතක කළ නොහැකියි. අපගේ අරමුණ මානව දයාව පිරි සමාජයක් ගොඩනැගීම. ඒ සදහා වංචාවෙන්, දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතුයි. යනුවෙන් ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක් වෙමිණි.
ආයතන තුළ සිදුවෙන වංචා, දූෂණ කෙළින්ම අපිට ඇවිත් කියන්න. මින් පෙර එසේ කීමට ඔබට නොහැකි වූණා. ඒ අමාත්‍යවරයාගේ සිට ඉහළ නිළධරීන් කොතනක හෝ සම්බන්ධ වී සිටි නිසා. දැන් එහෙම නැහැ. බිය නොවී අප සමග එකතු වෙන්න යනුවෙන් ද,වර්තමාන තරුණ පරපුර මත්ද්‍රවලින් මුදවා ගැනීම, මේ රට දාලා යන එක නවත්වා ගැනීමට, රැකියා සුරක්ෂිතභාවය රැකදීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සදහා සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට මහගු මෙහෙයක් ඉටු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා ඇතුළු අපේ නව රජයේ අරමුණ ජාතිවාදී නැති, ආගම්වාදී නැති සමාජයක් ගොඩනගා රට දියුණු කිරීමයි. ජාතික සමගිය ඇති කිරීම අපේ ප්‍රමුඛ කාර්‍යක් වී තිබෙනවා. අපි ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරමු. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ජාතික සැළසුමකට අනුව අපි වැඩ ආරම්භ කළ යුතුයි. ජයග්‍රහණ නොමැති ක්‍රීඩා, ජයග්‍රහණ කරා ගෙන යාම, ජයග්‍රහණ ලබන ක්‍රීඩා වඩා වැඩි දියුණු කිරීම, ජාතික සමගිය ඇති කිරීමට අපි ක්‍රීඩාව උපයෝගී කරගත යුතු වෙනවා. මෙතෙක් ඒ සදහා කොපමණ දායකත්වයක් දැක්වූවාදැයි සමාලෝචනය කළ යුතු කරුණක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බිම් මට්ටමින්, ගමේ පාසලෙන් බිහි වී ජාත්‍යන්තර ජයග්‍රහණ රටට දිනා දී කීර්තියක් අත් කර දුන් යුගයේ අති දක්ෂ ක්‍රීඩකයෙක් අද ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යධූරය දරනවා. ඒක අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබපු වාසනාවක්. සුගත් තිලකරත්න වැනි ක්‍රීඩකයින්ගේ අත්දැකීම් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ වටිනවා.”

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පාලනය වන ක්‍රීඩාංගනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘතිම ධාවන පථය නවීකරණය, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරීශ්‍රයේ පර්චස් 73 ක කොටසක් ගැසට් පත්‍රයක් මගින් පෞද්ගලික හිමිකරුවෙක් වෙත පවරා දීම, සුගතදාස ක්‍රීඩා හෝටලය විධිමත් සැළස්මකට අනුව සංවර්ධනය කිරීම, අධිකාරිය වෙත අය විය යුතු ලක්ෂ 70 ක පමණ හිඟ මුදල් නොගෙවන ආයතන, ක්‍රීඩා සමාජ, දේශපාලන පක්ෂ පිළිබදව, නියෝගයකට අනුව පවරා දුන් නුවරඑළිය තුරඟ තරග පිටිය, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, බෝගම්බර ක්‍රීඩාංගණය, බෙලිඅත්ත පිහිණුම් තටාකය වැනි කරුණු ගණනාවක් පිළිබද එහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති ගාමිණී වික්‍රමපාල, එහි අධ්‍යක්ෂ එච්.එම්.සී.බී.හේරත් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් අගය කරමු.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan