*
Saturday, November 30, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා තරුණයෝ ජයග්‍රහණයකින් ගමන අරඹති

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 29,(LNW) කොළඹ :

ආසියානු අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ලකුණු 55 න් ජය ගන්නට සමත් වුණා.ඒ නේපාල කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ කාසියේ වාසිය ලැබූ නේපාල කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.එම තීරණයේ නිවැරදිබව සනාත කරන්නට නේපාල කණ්ඩායම ඉතා හොඳින් පන්දු යවනු ලැබුවා.ශ්‍රී ලංකා පිතිකරුවන් එතරම් සාර්ථකව නේපාල පන්දු යවන්නන්ට මුහුණ දුන්නේ නැහැ.

අවස්ථාවන්වලින් පළ නෙලා නොගන්නා පුලිඳු පෙරේරා

පුලිඳු පෙරේරා මේ තරගයේදී ආරම්භක පිතිකරවා ලෙස කැඳවා තිබුණා.ඔහු මේ කණ්ඩායමේ සිටින වැඩිම අවස්ථා ගණනාවක් හිමි වූ පිතිකරුවා ලෙස හැඳින්විය හැකියි.ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පවා කැඳවා අවස්ථා ලබා දෙමින් ශ්‍රී ලංකා තේරිම් කමිටුව ඔහුට සාර්ථක වන්නට අවස්ථාව සළසන්නේ යම් විශේෂත්වයක් මත විය යුතුයි.එහෙත් පුලිඳු තවමත් ඒ අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමත් වී නැහැ.මෙවැනි තත්ත්වයක් තුළ සිඳුවිය හැකි ලොකුම අනර්ථය සිඳුවන්නේ,ඔහු වෙනුවට තරගයට යොදවන්න සිටින ක්‍රීඩකයාව අත්හදා බලන්නට රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉඩක් නොලැබීමයි.පුලිදු ගැන ඇති බලවත් විශ්වාසය මත ඔහුට අවස්ථාවක් හිමි නොවීම කණ්ඩායමෙන් පිටත රැඳෙනවා.ඉදිරි තරගවලදී හෝ දිගින් දිගටම සාර්ථක නොවන්නේනම් මදක් එළියෙන් තබා ඔහුට ලැබෙන අවස්ථාව අත නොහැරි හොඳින් කිරිමට අවශ්‍යය බව හෝ ඒත්තු ගැන්විය යුතුයි.පුලිදු පමණක් නොව මේ තරගයේදී ශ්‍රී ලංකා ඉණිම බලාපොරොත්තු ලකුණු ඉලක්ක වෙත ගමන් කළ බව කිව නොහැකියි.ලකුණු 233 ට පන්දු ඕවර් 50 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියා.

සාරුජාන්ගේ සරු බව

එම ලකුණු ප්‍රමාණයට යාම සඳහා ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති පිතිකරුවෙකු වන කණ්ඩායමේ කඩුලු රකින සාරුජන් ෂන්මුගනාදන් ප්‍රමුඛත්වය ගත්තා.ශාන්ත බෙනඩික් ක්‍රිඩකයෙකු වන සාරුජාන් කඩුල්ලේ රැදී සිටිමින් සිඳු වූ කඩා වැටීමට අඩ තබමින් පන්දු 99 ක් තුළ ලැබූ ලකුණු 62 ජයග්‍රහණයට වැදගත්ම වූ කාරණය නිසා ඔහු තරගයේ වීරයා හැටියට ද නම් කළා.
සාරුජාන් සමඟ එක්ව මහනුවර ධර්මරාජයේ ලක්වීන් අබේසිංහ සිව්වන කඩුල්ලට ලකුණු 79 ක සබඳතාවයක් ඇති කරමින් පන්දු 53 දී වේගවත් ලකුණු 50 ක් එකතු කරන්නට සමත් වුණා.

කවීජගේ කණ්ඩායම් හැඟීමෙන් පිරුණු ඉණිම
එතැන් සිට කල්පනාකාරි ලකුණු 37 ක් නොදැවී ලබා ගත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවීජ ගමගේට ලකුණු 233 දක්වා ලකුණු ප්‍රමානය ඉහළ දැමීමට නවවන කඩුල්ලට ලකුණු 30 ක සබඳතාවයක් තබමින් යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් 19 න් පහළ ජාතික කණ්ඩායමට එකතු වූ නිව්ටන් රංජිත්කුමාර් ලකුණු ප්‍රමාණයට වඩා කණ්ඩායමට වටින ලකුණු 7 ක් ලබා ගත්තා.එතැන් සිට යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් කණ්ඩායමට එක් වූ කුගදාස් මතුලක් සමඟ 10 වන කඩුල්ලට එකතු වූ ලකුණු 32 තුළ කවීජගේ වගකීම මැනවින් විඳහා දැක් වුණ අතර ඔහු කුගදාස්ට පන්දු 2 ට පමණක් මුහුණ දෙන්නට ඉඩ සළසමින් අන් සියලු පන්දුවලට මුහුණ දීමේ අවස්ථාව උදා කර ගනිමින් ලකුණු 32 ක සබඳතාවයක් අවසන් කඩුල්ලට ඇති කළා.

මායන් යාදව්ගේ සටන්කාමීත්වය


නේපාලයට ලැබුණේ පන්දු ඕවරයකට ලකුණු 5 ක සාමාන්‍යයක් රඳවා ගැනීමටත් වඩා අඩු ඉලක්කයක් වුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ.වේග පන්දු යවන්නන් මෙන්ම දඟ පන්දු යවන්නන් ද මැනවින් පන්දු යවද්දී නේපාල ආරම්භක පිතිකරු මායන් යාදව් සටන්කාමී හුදෙකලා ඉණිමක් ගොඩ නඟමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උඳුරා ගැනීමට ප්‍රශස්ත උත්සාහයක නිරත වුණා.පන්දු 91 දී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2ක් සමඟ ඔහු ලකුණු 62 ක් රැස් කරන්නට සමත් වුණා.

මනීශගේ මැදිහත්වීම
කොලඹ ලුම්බිණි විද්‍යාලයේ ප්‍රවීන් මනීශ ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් මායන් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමෙන් නොනැවතී පන්දු ඕවර් 9 ක් යවමින් ලකුණු 40 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.එක් අවස්ථාවක ඔහුට එම දක්ෂතාවයට හිමි විය යුතුවම තිබුණු කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව නායක හේමන්ට් දාමි දවා ගැනීමට ලැබුණු උඩ පන්දුව පිතිකරු ආසන්නයේ සිලිමිඩ්ඕෆ් හී පන්දු රකින්නා අතින් ගිලිහී යාම නිසා අහිමිව ගියා.

යාපා පටුනේ දායාදය
නිව්ටන් රංජිත්කුමාර් ගේ මඳ වේග පන්දුවෙන් මෙන්ම කුගදාස් මතුලක්ගේ දඟ පන්දුවද ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් දැක් වූවා.වමතින් මඳවේග පන්දු යවන නිව්ටන්ගේ වේගය වෙනස් කරමින් යවන පන්දුව ඇතුළු පන්දු සංකලනය කියවා ගැනීමට නේපාල පිතිකරුවන්ට විශාල වෑයමක් දරන්නට සිඳු වුණා.ඔහු ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.කුගදාස් සහ මනීශ ගේ එක්වීමෙන් පසුව නේපාල ඉණිම අතරමං වූ ස්වභාවයක් ගත් අතර ඔවුන් දෙදෙනාගේ දඟ පන්දු යැවීම විචාරකයින්ගේ ඉහළ පැසසුමට ලක් වුණා.කුගදාස් ලකුණු 21 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.
ආරම්භක පන්දු යවන්නෙක් ලෙස දායක වුණු දුල්නිත් සිගේරාගෙන් සහ නායක විහස් තෙව්මිකගෙන් ඇරෙන්නට නේපාල පිතිකරුවන්ට අන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඕවරයකට ලකුණු 5 ක් ලබා දුන්නේ නැහැ.විහස් පන්දු ඕවර් 9 න් මෙපිට නැවතී වැඩි පුර කුගදාස් සහ නිව්ටන්ගෙන් ප්‍රයෝජන ගන්නට සිතුවේනම් සමහර විට ජයග්‍රහණයේ පරතරය වැඩි වන්නටත් තිබුණා.ඔහු පන්දු ඕවර් 9 තුළ ලකුණු 51 ට කඩුලු 3ක් දවා ගත්තා.
ආසියානු කුසලාන තරගාවලියේ අද පැවති අනෙක් තරගයෙන් බංගලාදේශය ලකුණු 45 න් ජය ගැනීමට සමත් වුණා.බංගලාදේශය පන්දු ඕවර් 50 දී කඩුලු 9 ක් දැවී ලබා ගත් ලකුණු 228 වෙනුවට ඇෆ්ගනිස්තානය ලකුණු 183 ට දැවී ගියා.මේ තරගයේදී මෙවර තරගාවලියේ පළමු ශතකය වාර්තා කරමින් බංගලාදේශයේ අෂිසූල් හකීම් තමීම් පන්දු 133 දී ලකුණු 103 ක් වාර්තා කරන්නට සමත් වුණා.
පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයේ ලකුණු පූවරුවයි.
https://es.pn/3OtvvkP

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan