සී.ඩී. සහ කමල් වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී. පෞද්ගලික වියදමින් නීතීඥයින් ඉදිරිපත් කරන්න වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර ඇති හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න යන අය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (නොවැම්බර් 29) කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ සී. ඩී. වික්‍රමරත්න සහ කමල් ගුණරත්න යන වග උත්තරකරුවන් වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාට පෞද්ගලික නීතීඥවරුන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සඳහන් කළ විනිසුරු මඬුල්ල විසින් පෙත්සම සලකා බැලීම 2025 පෙබරවාරි 03 වනදා දක්වා කල්තබන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව 2019 ජනාධිපතිවරණයෙන් පසු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර ඉන් අනතුරුව වැඩ තහනමට ලක්කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...