රෂිකා හෙන්නායක නොවැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
යුක්රේන රුසියා යුද්ධය නැවැත්වීමට නම් යුක්රේනය නේටෝ සංවිධානය නමැති කුඩය යටට ගෙන යා යුතු බවත්, යුක්රේනය නේටෝව යටතට පත් වුවහොත් යුද්ධය අවසන් විය හැකි බව Volodymyr Zelensky පවසයි. ස්කයි ප්රවෘත්ති සේවාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්රකාශ කළා.
ඉන් පසු රුසියානු පාලනය යටතේ පවතින තමන්ට අයත් භූමිය රාජ්ය තාන්ත්රික ආකාරයකින් නැවත ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකි බව ඔහු පවසයි.කෙසේ වෙතත් සෙලෙන්ස්කි පෙන්වා දුන්නේ කිසිවෙකු තවමත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවයි.
යුක්රේනයේ මිත්ර රටවල උදව් මත යුද්ධය ඉදිරි වසර තුළ අවසන් වනු ඇති බව, යුක්රේන ජනාධිපතිවරයා දැනටමත් පවසා ඇත.