රග්බි පුහුණුව ඇඟිළි තුඩු අගට ගෙනෙන GeeGee

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 30,(LNW) කොළඹ :

GeeGee රග්බි පුහුණු තාක්ෂනය සමඟ බැඳි ඩිජිටල් තාක්ෂණික මෙවලමකි.සුප්‍රකට බ්ලැක් කැට්ස් හෙවත් නවසීලන්ත රගර් කණ්ඩායම සහ එම සංස්කෘතිය සමග සබැඳි සුවිශේෂී පුහුණු දැනීම ඇඟිළි තුඩු රැඳෙන ස්මාර්ට දුරකතනයට සමීප කරවන එම ඩිජිටල් ප්‍රාව්ශය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය රගර් පුහුණුකරුවන් දැනුවත් කරන වැඩ මුළුවක් නොවැම්බර් 29 වන දින කොළඹ ග්‍රෑන්බෙල් හෝටල් පරිශ්‍රයේදී පැවත්විණි.
විවිධ වයස් කාණ්ඩ සමඟ වැඩ කරන රග්බි පුහුණුකරුවන් දැනුවත් කිරිමේ අරමුණෙන් සංවිධානය වී තිබුණු එම වැඩ මුළුවේදි නවසීලන්ත ජාතික රගර් උපදේශකයෙකු සහ GeeGee හී ප්‍රධාන විධායකයෙක ජිමී ෆර්කුහර් සහ නවසීලන්ත රගර් පිළ නියෝජනය කළ සහ රග්බි පුහුණුකරුවෙකු ද වන ට්‍රෝයි නේතන් මෙම වැඩ මුළුව මෙහෙයවන ලදී.


පුහුණු ක්‍රමවේද සහ ඒවායේ වෙනස්කම් සිඳු විය යුතු ආකරය,පුහුණුවේදී අවධානය යොමු කළ යුතු වයස සහ වෙනත් කාරණා ආදි සියලු කාරණා සම්බන්ධයෙන් දත්ත ඇතුළත් කර තිබෙන GeeGee ඩිජිටල් අවකාශයේ තොරතුරු සහ එය භාවිතයට ගැනීම වෙනුවෙන් කළ යුතු දේ ද මෙහිදී පැහැදිළි කරනු ලැබුවා.
තාක්ෂනය විසින් ක්‍රීඩාව වඩාත් පහසු තැනකට රැඟෙන යන නූතණ ලෝකයේ රගර් වැනි ක්‍රීඩාවක පුහුණු කටයුතු සඳහා ඩිජිටල් මැදිහත්වීමක් කළ හැකි GeeGee ස්මාර්ට දුරකතන අවකාශය ශ්‍රී ලංකා පුහුණුකරුවන්ට විශාල පහසුකමක් සළසා දෙන කාර්යයක් වනු ඇත.ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට නිහාල් වයිපර් ගුණරත්න සහ ෆසාල් මොහමඩ් සම්බන්ධ කර ගැනීමේ ඉඩ ඇත.දැනටමත් ලෝකයේ රගර් කේෂ්ත්‍රෙය් විශාල පිරිසක් ආකර්ශනය කර ගෙන ඇති GeeGee පුහුණු මාර්ගය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් ඔවුන් මහනුවර බෝගම්බර පිටියේ දී ගැටවල ක්‍රීඩකයන් වෙනුවෙන් පුහුණු කදවුරක්ද පවත්වා ඇති අතර ඔවුන් රටවල් 23 ක මේ ආකාරයට පුහුණු කදවුුරු 80 ක් පවත්වා ඇත.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...