ඔලිම්පික් සභාපතිත් හරවා එවු රටකට ක්‍රීඩකයින් යැව්වේ ඇයි?

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 30,(LNW) කොළඹ :

ජාතික ඔලිම්පික් කමිටුවට ලැබුණු ආරාධනයක් මත මැකාවෝ ගුවන් තොටුපළේදී එරටට ඇතුළත් කරනු ඇතැයි,මෙරටට ලැබුණු ආරාධානවකට ක්‍රීඩකයෙක්,ක්‍රීඩිකාවක් සහ පුහුණුකරුවෙක් යැවීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවිමෙන් කටයුතු කර ඇත්තේ,මීට මාසයකට පමණ පෙර ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාටද,එරට ආගමන විගමන නීතියට අනුව ඒ ආකාරයට මැකවෝ වෙත ප්‍රවේශවීමට ඉඩ ලබා නොදි තිබියදී බව වාර්තා වෙනවා.


ඔලිම්පික් සභාපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේනම් මේ ආකාරයට ගුවන් තොටුපළේදී වීසා ලබා ගැනීමට හැකි බව කියමින් ක්‍රීඩකයින් මැකාවෝ වෙත යැවිම සිඳු කරනු ඇතැයි සිතිය නොහැකි අතර එසේ දැනගෙන ඔහුද දැනුවත්ව මේ ගමණ ඒ ආකාරයට පිටත් කර යවා ඇත්නම් එය බරපතල වරදකි.මේ වන විට එම ක්‍රීඩක දෙපළට සහ පුහුණුකරුට මැකාවෝ වෙත ඇතුල්විමට ඉඩ ලබා නොදී පිටුවහල් කිරීම නිසා නැවත ලංකාවට පැමිණ ඇති අතර මේ තත්ත්වයට මුහුණ දුන් සිය සභාපතිවරයා හෝ නොදැනුවත්ව ජාතික ඔලිම්පික් කමිටුවේ වෙනත් පිරිසක් මේ සංචාරයට අවසර දෙමින්,වීසා සඳහා ඩොලර් 900 ක් නිකුත් කර ඇත්නම් එය ද ආචාර ධාර්මිකභාවය බිඳ දමන බරපතල විෂමාචාර තත්ත්වයකි.


ස්වාධීනත්වය යනු රටේ ක්‍රීඩාවට ඕනෑම ආකාරයක හානි සිඳු කර සැඟවීමට සකසා ඇති ඉබි කටුවක් නොවන අතර මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා මේ වන විටත් ආචාරධාර්මික කමිටුවේ පරීක්ෂණ වාර්තාව මත ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ල වෙන මැක්ස්වෙල් ද සිල්වාගෙන් මේ බව වැඩි විස්තර විමසන ලෙස මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා මාධ්‍යයට නිකුත් කර තිබෙන ලිපියට අනුව කිව හැක්කේ,මේ තරගාවලියට මේ ආකාරයට ක්‍රීඩකයින් පිටත් කර යැවීමට ජාතික ඔලිම්පික් කමිටුව වෙනුවෙන් අවශ්‍ය වැඩ සැළසුම සිඳුකර ඇත්තේ ලේකම් මැක්ස්වෙල් විය යුතු බවය.


අප මිට පෙර මේ ක්‍රීඩකයින් ආපසු හරවා එවීම ගැන කළ සටහනෙන් පෙන්වා දුන් පරිදි මැකෝවා ආගමන විගමන ප්‍රතිපත්තිය අනුව එරටට ඇතුල්වීමට ගුවන් තොටුපළට ගොස් වීසා ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවසරයක් නැත.ඒ කිසිවක් සැළකිල්ලට නොගෙන,රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ලබා නොගෙන සහ තරග සංවිධායකයන්ගේ ලිපියේ සඳහන් කරුණු සහ එරට පොදු ආගමක විගමන නීතිය අතර ඇති පරස්පරය නොසළකා ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් විදේශ තරගයට ගොස්,වැරදි තීරණ නිසා අදාළ රටටවත් ඇතුල් වෙන්නට නොදී ආපසු හරවා එවීම ගැන කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැටළුකාරී බව ක්‍රීඩා පරිපාලකයන් කිසිවෙකුට නොදැනේද?

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...