රඹුක්කන බී වාර්තාව වංචනික ලෙස වෙනස් කිරීමට ගිය පොලිසිය අධිකරණයේදී ඇදගෙන නායි !

Date:

රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා (19) පැවති මහජන උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නඩු කටයුත්ත ඊයේ ආරම්භ කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මුලින්ම අධිකරණයට ඉදිරිපත් කර තිබුණු AR වාර්තාව භාරගැනීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

AR වාර්තාවක් යනු සිදුවීමක් සිදුව ඇතත් සැකකරුවන් නොමැති අවස්ථාවක ඉදිරිපත් කරන වාර්තාවකි. නමුත් මෙතැනදී පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති නිසා මහේස්ත්‍රාත්වරිය එම වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කළ අතර ඉන් පසුව පොලිසිය කඩිනමින් B වාර්තාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එම B වාර්තාවෙහි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 298 වගන්තිය පිළිබඳව සටහන්ව පැවති අතර පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවේ සාමාජික නිලධාරියෙකු පසුව පැමිණ අධිකරණයට භාරදුන් B වාර්තාවේ 298 වගන්තිය සම්බන්ධ කොටස ටිපෙක්ස් යොදා මකා දමා තිබේ.

මෙම සිදුවීම නීතීඥවරුන් විසින් අධිකරණයට පෙන්වා දුන් පසුව අධිකරණ ලේඛන මකා දමමින්, වංචනික ලෙස ලේඛන වෙනස් කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය අදාළ නිලධාරියාට දැඩි ලෙස අවවාද කර තිබුණු අතර මේ ආකාරයෙන් අධිකරණ ලේඛන වංචනික ලෙස වෙනස් කර අධිකරණයට අපහාස කිරීම ගැන එම නිලධාරියාට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස ද පොලිස්පතිවරයාට නියම කරන ලදී.

ඊයේ පස්වරු 02.00 සිට සවස් වන තුරුම මහේස්ත්‍රාත්වරිය ඇතුළු නිලධාරීන් මෙම වෙඩිතැබීමට අදාළව ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර විදුලිය විසන්ධි කර තිබියදීත් රාත්‍රී කාලයේත් මහේස්ත්‍රාත් අධිකරණය තුළ මෙම නඩු කටයුත්තට අදාළ කටයුතු සිදුවෙමින් පැවතිණි.

මෙම නීතිමය කටයුත්ත සඳහා නීතීඥවරුන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...