වෙනද වගේ දැන් බැහැ.ඇමතිවරුන්ට කුලියට හෝ බද්දට නිල නිවාස නැහැ – කථානායක

Date:

කොළඹ LNW:මින් ඉදිරියට කුලී පදනමින් හෝ බදු පදනමින් රජයට පවරාගත් නිල නිවාස ඇමතිවරුන්ට හිමි නොවන බව කථානායක ආචාර්ය ආශෝක රන්වල මහතා පැවසුවේය.

බදු හෝ කුලී පදනමින් ලබාගත් නිල නිවාස රජයට හිසරදයක් බවයි කථානායකවරයා සඳහන් කළේ.

”නිල නිවාස වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලිකව බදු පදනම මත රජයට පවරා ගත්ත නිල නිවාස. ඒවා රජයට බරක්, හිසරදයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඇමතිවරු නැවත එවැනි ක්‍රියාමාර්ග වලට යයි කියල මම විශ්වාස කරන්නේ නැහැ. බදු හෝ කුලී පදනමින් අරන් තිබෙන නිවාස නැවත එලෙස නඩත්තු කරන්නේ නැහැ. නමුත් රජය සතු නිල නිවාස ගණනාවක් තියෙනවා. ඒ නිල නිවාස පිරිසිදු කරමින් ඒවා නඩත්තු කිරීමේ වගකීම රජයට පැවරිලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ ඒ නිල නිවාස ඇමතිවරුන්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැතුව රජයේ පොදු කාර්ය වෙනුවෙන් පාවිච්චි කරයි කියල. කැබිනට් ඇමතිවරු කිසිවෙක් නිල නිවාස ඉල්ලීම් කර හෝ නැහැ.”

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය තමන් විසින් අධීක්ෂණය කළ අතර එයා ඉතාම දුර්වල මට්ටමේ පැවති අතර නඩත්තු නොකිරීම නිසා කඩා වැටීමට ආසන්නයේ පවතින බවත් මේ දිනවල එහි නඩත්තු කටයුතු සිදුකරන බවත් රන්වල මහතා පැවසුවේය.

දුර බැහැර සිට පැමිණෙන මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතාව මත එම නිවාස ලබා දීමට කටයුතු කරන බවයි කථානායකවරයා කියා සිටියේ.

කථානායකවරයා මෙම අදහස් පළකළේ ඊයේ (01) කැළණිය බොල්ලෑගල මානේල්වත්තේ පිහිටි නාගානන්ද බෞද්ධ අධ්‍යන ආයතන පරිශ්‍රයේදී 19 වැනි වරටත් පැවති පන්දහසක් බුද්ධ ශ්‍රාවිකාවන් උදෙසා පිදෙන ”පාරමිතා පරිෂ්කාර මහා පුජාව” අවස්ථාවට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...