බෙහෙත් හිඟයි. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත් නොවෙන විදියට ඉන්න – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

Date:

රටේ පවතින ඖෂධ හිඟය හමුවේ ජනතාව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත්නොවෙන පරිදි ප්‍රවේශමින් කටයුතු කිරීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

“මම හිතනවා මේකට වෙන වෙනම කාරණා ඉදිරිපත් කිරීම ප්‍රායෝගිකව කියන්න බෑ. නමුත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත්නොවන විදියට කටයුතු කිරීමත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වියහැකි තත්වයන්ට පත්වීමට ඉඩ ඇති අවස්ථාවන්ට මුහුණ දීමෙන් වැළකී සිටිනවා නම් මගෙ හිතේ මේ මොහොතේ අපට කරන්න පුළුවන් ඉතාමත්ම ඥානාන්විත ක්‍රියාවලිය ඒක තමා. මේක වෙන වෙනම කියන්න හම්බුවෙන්නෙ නෑ. නමුත් අපි දන්නවා ඒක හරහා එක පැත්තකින් එවැනි දේකින් ආරක්ෂා වීම හරහා අපි ආරක්ෂා වෙනවා, ඒ වගේම නොවැළැක්විය හැකි හේතුවක් මත කෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා වැය කළයුතු ඖෂධ සහ අනෙකුත් දේවල් ඉතිරි කරගැනීමටත් අපට පුළුවන් වෙනවා. ඒ සියල්ලම සලකා බලලා මේ අවස්ථාවේ ඉතාමත්ම ප්‍රවේශමින් කටයුතු කිරීම සියලු දෙනාගේම යහපතට හේතුවෙයි”

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඖෂධ හිඟය සම්බන්ධව අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...