පිටකොටුවේ ආනයනකරුවනුත් සහල් ටොන් 30,000ක් ඇනවුම් කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

රට පුරා පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 25,000 – 30,000 අතර ප්‍රමාණයක් ආනයනය කිරීමට පිටකොටුවේ ආනයනකරුවන් ද ඉන්දියාවෙන් ඇනවුම් කර තිබේ.

පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට රජය විසින් අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ඇනවුම් කර ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

මෙසේ ඇනවුම් කර ඇත්තේ නාඩු, කැකුළු සහ සම්බා සහල් ය.

සහල් ආනයනය කිරීමට රජය ලබාදී ඇති දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ප්‍රමාණවත් නොවන බැවින් තමන්ට සහල් ගෙන්වීමට හැකිවනු ඇත්තේ කුඩා ප්‍රමාණයක් පමණක් බවත් ආනයනකරුවෝ පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...