පදවියේ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පදවිය, බෝගස්වැව ප්‍රදේශයේදී ඊයේ (දෙසැම්බර් 05) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ බෝගස්වැව, බාලයාවැව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාව නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්. වෙඩිවැදීමෙන් තුවාලලත් ඇය පදිවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීම සඳහා T 56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇතැයි පොලීසිය සැක කරන අතර වෙඩිතැබීමට හේතුවක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...