*
Friday, December 27, 2024
spot_img

Latest Posts

අපි කියපු නීත්‍යාණුකූල විදිහටම රගර් නිලවරණයට එළැඹෙන්නට ඩීජී ට සිඳුවෙයි

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 06,(LNW) කොළඹ :

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ශ්‍රී ලංකා රග්බි සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ වැරදි සහගත බව අප විසින් දිගින් දිගටම පෙන්නා දුන් නමුත් ඔහු සිය මතයේම හිඳිමින් ශ්‍රී ලංකාවේ රග්බි පරිපාලනය නිල වශයෙන් පත්වීමට ඇති ඉඩ වසා දමමින් කළ කටයුතු අධිකරණ නියෝගයක් මත ඉවත් කර ගන්නට සිඳු වී ඇත.හිටපු රග්බි පරිපාලනය නිලවරණය නිසි මොහොතේ නොපැවත්වීම පදනම් කරගෙන විසුරුවා හරින ලදී.ඉනික්බිති බලධාරියා හැටියට පත් කරන්නට යෙදුණේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය.ඔහු නැවත හිටපු සභාපතිවරයාම සම්පත් දායකයා ලෙස පත් කර ගැනීමේ තැන සිට දිගටම රගර් සම්බන්ධයෙන් කළ මැදිහත්වීම සදාචාරසම්පන්න නැත.


අවාසනාව යනු ඔහු ඒ කිසිඳු තීරණයක් නිවැරදි කිරීමට කටයුතු නොකිරීමය.වැදගත් සහ සදාචාරසම්පන්න විසඳුම් කරා යාම වෙනුවට ඔහු උත්සාහ කළේ තව දුරටත් තමන්ට පැවරුණු බලය පාවිච්චි කරමින් රගර් ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට උත්සාහ දැරීමය.එය යම් ආකාරයකට යස රජු තාවකාලිකව සිහසුන පැවරූ විට සුබ නම් දොරටු පාලකයා හැසිරුණු ආකාරය බව අප මීට කළින් ද ලියා තැබුවෙමු.රගර් හි තීරණ ගැනිමට ව්‍යවස්ථාවෙන් බලය ඇති පිරිසට ලෝක සම්මේලනයේ උපදෙස් පරිදි වැඩ කරන්නට උපදෙස් දීම වෙනුවට ඔහු සිහසුනේ සිට පවතින රගර් ව්‍යවස්ථාව මරා දැමීමට උත්සාහ කිරීම සඳහා ඒ උදාහරණය ගැලපෙනු ඇත.

රගර් ඡන්දෙ නැති අයගෙ වේදනාව සහ ඩීජී ට ඡන්දය නැති වීම
එසේම ඔහු විසින් බලය හිටපු සභාපතිට පැවරීම නිසා,ඔහු එම බලය භාවිතා කළ ආකාරය ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෙන්වා දුන්නද,තමන්ගේ කාලයේ නොවූ දේ කියා පැහැදිළි වැරදි සහගත ඉතිහාස කරුණු උඩින් පැන යාම නිසා,ශ්‍රී ලංකාවෙන් එපිටටත් ජාත්‍යන්තර වගකීම් දරන එම වැරදිවලට වගකිවයුත්තෝ ද එක්වී කළ වැඩේ නිසා ශ්‍රී ලංකාවේ නිසි බලධාරියා ලෙස ආසියානු නිලවරණයට ගිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඡන්දය භාවිතා කිරීමටවත් ලැබුණේ නැත.තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට තිබෙන ඉඩ ඒ අහිමිවීම හරහා හෝ රගර් ව්‍යවස්තාවේ ඡන්ද බලය ඇති අයට ඒ බලය ඉවත් කළ විට දැනෙන හැඟීම කවරේද යන්න තේරුම් ගන්නට ඇත්දැයි අපි නොදන්නෙමු.

නිලවරණය පැවත්විය යුතු ක්‍රමය
අප විසින් දිගින් දිගටම පෙන්වා දුන් පරිදි අධිකරණයේ දි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට රගර් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නට එකඟ වෙන්නට සිඳු වී ඇත.ඔහු හිටපු ඇමතිවරුන්ගේ සහ වෙනත් රගර් හි ඔහු සමීපව වැඩ කළ පිරිසගේ බළල් අත්කව සිටියේනම් ඒ සියලු පිරිස අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඇති කීර්තිමත් ක්‍රීඩා සහ හමුදාමය වෘත්තිමය ඉතිහාසය විනාශ වෙන්නට ඒ අත සවි කළ බව තමන්ව පාවිච්චි ක බව හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැන් පැහැදිළි විය යුුතුය.


තමන් සිංහ සෙයියාවෙන් ගත් තීරණ ඔහුට අධිකරණයේදී වෙනස් කරන්නට එකඟ වන්න වූයේ නීති ප්‍රකාරවය.එයින් අදහස් වන්නේ ඔහු රගර් ව්‍යවස්ථාව නොසළකා හරිමින්,එහි ඡන්ද බලය හිමි අයට නිසි අවස්ථාව නොදෙමින් ව්‍යවස්ථා සංශෝධනයට අත ඔබමින් කළ ක්‍රියාවලිය වැරදි බවය.ඒ නිසාම ඔහුට 2024 දෙසැම්බර් 5 වන දින CA/WRT/ 0438/24 දිනැති අධිකරණ නියෝගය අනුව නිලවරණය කැදවීමට ප්‍රථම විශේෂ මහා සභාව කැඳවීමටත්,එයට ව්‍යස්ථා සංශෝධනය ඇතුළත් නොකිරීමටත්,එම කටයුතු ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාව ප්‍රකාරව බලයට පත්වෙන පරිපාලනයට ලෝක සම්මේලනය සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමටත් හැකි වන සේ සැකසිය යුතුය යන එකඟතාවයන්ට එකඟ වෙමින් ලිපියක් නිකුත් කිරිමට සිඳු වී ඇත.

අපේ මැදිහත්වීමේ ඇත්ත කතාව
දැන් නීත්‍යානුකූලභාවය කවරේද යන්න අධිකරණයෙන්ම අවබෝධ කර ගනිමින් මේ විශේෂ මහා සභාව පැවත්වීම සහ නිලවරණය පැවත්විම ද,ව්‍යවස්ථා සංශෝධනය පත්වන රග්බි පරිපාලනය විසින් කළ යුතුය යන්න ද පිළිබඳව අප මාස කිහිපයකට කළින් කියූ කාරණයට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒමට සිඳුව ඇත.ඒ අනුව ඔහුට ආවඩමින් සිටි පිරිසට ද හෙට නීත්‍යාණුකූලව සිඳුවන දේ ලියන්නට වනු ඇත.කියන්නට වනු ඇත.හරි පාර පෙන්නා දීම තමන්ව පෙලීමක්,හෝ හෙළා දැකීමක් ලෙස සිතුවේනම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ අපකිර්තිය අත් නොවිඳ සිටීමට මඟ පෙන්වූයේ කවුරුන්ද යන්නත් අලුතෙන් සිතා බැලීමට සිඳුවනු ඇත.


යම් ආකාරයකින් ප්‍රධාන සහ ඒ ශ්‍රේණියේ රගර් ක්‍රීඩා සමාජයකට ඡන්ද බලයක් හිමි විය යුතු ආකාරය ව්‍යවස්ථා සංශෝධනයේ දී සළකා බැලිය යුතු ආකාරය ගැන ද අපි ලිවෙමු.අප යෝජනා කරන්නේ රටේ රගර් ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉහළ දැමීමට ඒ සහ බී ශ්‍රේණියේ රගර් යම් ආකාරයකට මුහු විය යුතු බවය.ඒ ශ්‍රේණියේ රගර් කණ්ඩායම්වලින් ලීග් තරගාවලියේ අවසාන තැනට පත්වන කණ්ඩායම බී ශ්‍රේණියට පැමිණිය යුතුය.බී ශ්‍රේණියේ තරගාවලියේ මුල් තැනට එන කණ්ඩායම ඒ ශ්‍රේණියේ ලීග් තරගාවලියට ඇතුළත් කළ යුතුය.වාර්ශිකව මේ කාරණය සඳහා ඉඩ සැකසෙන තුරු මේ රටේ රගර් දක්ෂයන් බිහිවීමේ ගර්භාෂය කුඩාවට කුඩා පලයන්ම පූදන තැනක් බවට පත්වනු ඇත.


එසේ නොවන තාක් ඒ සහ බි අතර පරතරය විශාල වනු ඇත.බී තරගාවලිය සහ ඊට සම්බන්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් තියෙන අගය කිරීම්,වෘත්තියභාවය මෙන්ම සමාජ අවධානයද පසුබැසීමක තිබෙනු ඇත.මේ කාරණය වෙනස් කිරීම සඳහා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත් ශ්‍රී ලයන්ස් ඒ කාණ්ඩයට උසස් කිරීමේ තීරණය වැදගත්ය.ඒ අනුව මෙවර තරගාවලිය නිමාවේ කණ්ඩායම් දෙකක්ම පහත හෙළා 2026 වසරේ සිට පැවති පරිදි කණ්ඩායම් අටකට ඒ කාණ්ඩය සීමා කර තරගාවලිය නිමාවේ ඒ කාණ්ඩයේ අන්තිම කණ්ඩායම බී කාණ්ඩයටත්,බී කාණ්ඩයේ එක වන කණ්ඩායම ඒ කාණ්ඩයටත් යොමු කළ හැකිය.එය රගර් හී ගුණාත්මකභාවය වර්ධනයට සහ වැඩි තරගකාරී මට්ටමේ දියුණුවක් සඳහා වැඩි කණ්ඩායම් ගණනකට පෙළඹවීමක් ඇති කරන සුළු තත්ත්වයකි.

ඇමතිවරු,නිලධාරි සහ රගර්
නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටියදී කළ වැඩ නිසා සිඳු වුයේ ආසියානු සභාපති සහ එවකට ඉතා අපහසුවෙන් රගර් ගොඩ ගනිමින් සිටි රිස්ලි ඉල්ලියාස් අතර ගැටුමක් නිර්මාණය වීමය.අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි හිටපු නායකයෙක් හිටියට ශ්‍රී ලංකා රගර් සම්මේලනයට උඩින් පැන ගොස් ආසියානු සභාපතිවරයා සමඟ ගනුදෙනු කළා පමණක් නොව ශ්‍රී ලංකා රගර් පරිපාලනයට උඩින් උපදේශක මණ්ඩලයක්ද පත් කළේ ආසියානු සභාපති සමඟ එකඟතා ඇති කර ගනිමින්ය.
නාමල් ක්‍රීඩා කරන අවධියේ විදේශික ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවීම නිසා ලංකාවට පවුම් 50000 ක දඩයක් පැටවී ඇති බවත්,එම මුදල වරදට දායක වූ පුද්ගලයින් විසින්ම ශ්‍රි ලංකාවට ලැබෙන ආධාර මුදල්වලින් පියවා ගන්නා හැටියටත් දන්වා අත සෝදා ගැනිම ගැන මාධ්‍ය බොහෝ දේ කීවද,කිසිඳු ඇමතිවරයෙක් ඒවා කණකට ගෙන නැත.ඒ නිසා එවැනි වරදවල් කරන අයට ආසියානු සංගමයේ ආශිර්වාදය, වගකීම් සහ ලංකාවේ රගර්වලට ඉහළින් පත්කිරීමට ඇමතිවරුන්ගේ ආදරයද දිනා ගැනීමට හැකි වී ඇත.
අන්තිමේ දී රටේ රගර්වල ස්වාධීනත්වය වෙනුවෙන් ආසියානු සභාපති සමඟ සිඳු වූ පෞද්ගලික වට්ස්ඇප් සාකච්ඡාවක් පදනම් කරගෙන ආසියානු සභාපතිගේ උවමනාවට නිසි පරීක්ෂණයක් තබා හරියට චෝදනා පත්‍රයක්වත් නැතුව ශ්‍රී ලංකා සභාපතිට තනතුරෙන් පිටට යන්නට පාර කැපුණේ ලංකාවේ දේශපාලකයෝ ද,නිලධාරිද විසිල් ගසා ඒ තීරණයට එකඟ වන තත්ත්වයකය.


නාමල් – රොෂාන්- හරීන් දක්වා වූ සියලු දෙනා ක්‍රියා කළේ වැරදි පාරකය.නාමල් සහ හරීන් රගර් සබඳකම් මැත පුද්ගලයින් සම්බන්ධයෙන් නිවැරදි තීරණ නොගන්නට ඇත.එහෙත් එය ක්‍රිඩා ඇමතිවරයෙක්ට ඔබින්නේ නැත.රොෂාන් රණසිංහ ද රගර් සම්බන්ධයක් ඉහළින් නොතිබුණත්,මහා ශුද්ධවන්තයන් සේ රගර් ගැන උපදෙස් ගන්නට ලක් කර ගත් අය ද,රගර් ගිණුම ණය වුණේ කෙසේද යන්න පැහැදිළි කළ යුතු,ණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන්ය.
එහෙත් නව අමාත්‍යවරයා මේ ප්‍රශ්නය තේරුම් ගත්තේය.එසේම ලේකම්වරයාද සිය අත්දැකීම් හරහා කියවා ගන්නට ඇතියි අපි සිතන්නෙමු.නියෝජ්‍ය ඇමතිවරයා රගර් පිට්ටනියක් කරන්නට පෙර හොඳට රීඩ් හි මලල ක්‍රීඩා කළ සහ රගර් කතා කණින් අසා ඇසින් දැක විඳ ඇති අයෙක්ය.ඒ නිසා ඉමිටේෂන් සහ රත්තරන් හඳුනා ගැනීමට සමහර විට අමාත්‍යවරයා මෙන්ම ලේකම්වරයාද නියෝජ්‍ය ඇමතිවරයාගෙන් උපදෙස් ගන්නට ඇත.

ඉදිරි පියවර
මේ මොහොත තුළ මාස දෙකකට වැඩි කාලයක් ලංකාවේ රගර් ක්‍රීඩාවේ ආනන්දය විනාශ වීම නැවත්වීමට අධිකරණය හමුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සිඳුවන්නට ඇත්තේ ඔහුට ඉහළින් ඇති දේශපාලන නායකත්වය මෙන්ම පරිපාලන නායකත්වය ද,නිවැරදි විදිහට වැඩ කිරීමට අවශ්‍යය බව ඒත්තු ගත් නිසා විය යුතුය.ඉදිරියේ දී අප මේ සටහනේ කර ඇති ධනාත්මක යෝජනා ද අවධානය ගෙන දේශපාලන බලධාරීන් මෙන්ම,පරිපාලන නිලධාරීන්ද,රගර් පරිපාලනය සඳහා අලුතෙන් පත්වන නිල මඬුල්ලද කටයුතු කරනු ඇතැයි අපි විශවාසයෙන් සහ සුබවාදීව බලා සිටින්නෙමු.දැන් රග් නිලරණය සඳහා අපි කියූ නිවැරදි නීතිමය ආකාරය එය ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති අතර 20 වන දින පැවත්වෙන විශේෂ මහා සභාවෙන් පසුව පැවත්වෙන් එම නිලවරණයේ දී පත්වන නිල මඬුල්ලට අතීත වැරදි සඟවා නොසළකා සිටින්නට නොහැකි වන්නාසේම අලුත් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ද ඒ ගැන අවධානයෙන් සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan