*
Monday, January 6, 2025
spot_img

Latest Posts

ඉන්දියාව පැරදුණු පකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පැරදුණු බංගලාදේශයත් – ශ්‍රී ලංකාව පැරදූ ඉන්දියාවත් අවසාන තරගයට

සටහන – නිශ්මං රණසිංහ1
දෙසැම්බර් 06,(LNW) කොළඹ :

මෙවර ආසියානු කුසලාන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලීයේ මූලික වටයේදී ඉන්දියාව සහ පකිස්තානය හමු වූ අතර,එහිදී පහසු ජයක් ලබන්නට පකිස්තානයට හැකි විය.එහෙත් අවසාන පූර්ව තරගයේදී පකිස්තානය ශ්‍රී ලංකාවට පරාය වූ බංගලාදේශය හමුවේ පරාජයට පත්වෙද්දී පකිස්තානය පරාජය කළ ඉන්දියාව ශ්‍රී ලංකාව පරාජයට පත් කරන්නට සමත් විය.ඒ අනුව මූලික තරගවලදී අපරාජිතව සිටි ශ්‍රී ලංකාව සහ පකිස්තානය අවසන් පූර්ව තරගවලදී පරාජයට පත් කර අවසන් තරගය සදහා මුහුණ දෙන්නට ඉන්දියාවට සහ බංගලාදේශයට හැකි විය.මෙහිදී බංගලාදේශ කණ්ඩායම වරක් අවුරුදු 19 න් පහළ ලෝක සූරයන් කිරීම දක්වා පුහුණු කළ මේ වසරේ මුල් භාගය වන තෙක්ම ශ්‍රී ලංකාවේ සහය පුහුණුකරුව සිට නැවත බංගලාදේශය සමඟ එක් වූ නවීඩ් නවාස්ගේ පුහුණුකාරීත්වය ද බංගලාදේශයට ආශිර්වාදයක් වී ඇති බව පැහැදිළිය.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක විය.එම ස්ථානයේ එක් අර්ධ ශතතයක් ලබා ගන්නට පුළිඳු පෙරේරා සමත් වූ අතර ඔහු සමඟ වෙනත් ආදේශනයක් යෙදීමේ හැකියාව අඩු වුණේ,ආරම්භක පන්දු යවන්නා ලෙස ආරම්භක පිතිකරුගේ භූමිකාව කරන දුල්නිත් සිගේරාම කටයුතු කරන බැවිනි.ඒ නිසා අනිත් ආරම්භක පිතිකරුවා වූ තර්සටන් විද්‍යාලය නියෝජනය කළ තනූජ රාජපක්ෂට මෙය නැරඹුම් සංචාරයක් පමණක් විය.
කෙසේ හෝ ලකුණු 8 ට කඩුුලු 3 ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලක්වින් අබේසිංහ (69) සහ සාරුජාන් ෂන්මුගනාදන් (42) සාර්ථක සබඳතාවයක් පවත්වමින් සිව්වන කඩුල්ල දැවෙන මොහොත වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 101 දක්වා ඔසවා තබන්නට සමත් විය.මේ දෙදෙනා හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ සංඛ්‍යා වාර්තා වී තිබුණේ දෙකක් පමණි.ඒ නායක විහස් තෙව්මිකගේ ලකුණු 14 සහ කවීජ ගමගේ ගේ ලකුණු 10 යි.


අඩුම තරමේ ඉලක්කම් දෙකේ දායකත්වයන් ලෙස ලකුණු 20 ට වැඩි තුනක් හතරක් හෝ එකතු වී නම් ශ්‍රී ලංකා ඉණිමට, පන්දුවර 46.2 දී නිමා නොවී පන්දු ඕවර් 50 ක්‍රීඩා කර ලකුණු 200 ට එහා ලකුණු ගණනකට යා හැකිව තිබිණි.එහෙත් ශ්‍රී ලංකා ඉණිම පිතිකරුවන්ගේ නොහැකියාව නොවන නොසැළකිල්ල මත ලකුණු 173 දී නිමාවට පත් විය.


මේ ලකුණු පූවරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිරියක් සපයන එකක් නොවිණි. එසේම ඉන්දීය පිතිකරුවන්ට දිරිය සපයන එකක් විය.ඒ බව මුල සිටම දකින්නට තිබුණු අතර ඔවුන් නිදහසේ පහර එල්ල කරන්නට විය.ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාම එක පන්දු ඕවරයකින් නවතන ලද එම ප්‍රහාරයේ බරප.ලම පහර දීම කළේ 13 හැවිරිදි වායිබව් සූරියවංශි ය.ඔහු පන්දු 36 න් ලකුණු 67 ක් ලබමින් ඊට හතරේ පහර හයක් සහ හයේ පහර පහක් ඇතුළත් කරන්නට සමත් වූ අතර ආරම්භක පන්දු යැවූ දුල්නිත් සිගේරාට එරෙහිව ඔහුගේ පන්දු ඕවරයේදි ලකුණු 27 ක් රැස් කරන්නටද සමත් විය.ඒ නිසාම සිංහවංශි තරගයේ වීරයා හැටියටද ඇගයීම් ලැබීය.එසේම ඔහුගේ ප්‍රහාරය නිසා ඉන්දියාවට තරගය ජය ගැනීම සඳහා වැය කරන්නට වූයේ පන්දු ඕවර් 21.4 ක් පමණි.


ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකිය.→ https://es.pn/4f3ki5d
එසේම පකිස්තානය සහ බංගලාදේශය අතර පැවති තරගයේදී පකිස්තානය ලකුණු 116 ට සීමා කළ බංගලාදේශ ක්‍රීඩකයින් පන්දු ඕවර් 22.1 දී කඩුලු 3 ට ලකුණු 120 ක් ලබා තරගයේ ජය තමන් සතු කර ගත්තේය

http://www.sportwaynews.com/

  1. ↩︎

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan