නාස්තියට තිත තියන්න ඇමති හඳුන් වැඩට බහී : පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට රජයෙන් මැසූ නිල ඇඳුම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට මසන ලද නිල ඇඳුම් පාසල් සිසුන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“චීන රජයෙන් අපට මේ පාර දරුවන්ට නොමිලේ ලබාදෙන පාසල් නිල ඇඳුම් රෙදි ලැබුණා. හැබැයි අපි ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මෙ නිල ඇඳුම් රෙදි කෑල්ල විතරක් ඉස්කෝලෙට නිල ඇඳුම් ටික මහලා ළමයින්ට ලබාදෙන්න. මොකද හේතුව, මේ නිල ඇඳුම් රෙදි කෑල්ල දුන්නාට පස්සෙ විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යනවා. හුඟක් ළමයින්ට මේ නිල ඇඳුම් රෙදි කෑල්ල හම්බුවෙනකොට ගෙදරින් රෙදි අරගෙන ඉවරයි. ඒවා අපතේ යන දෙයක් වෙලා තියෙනවා. දැනට අපේ පේෂකර්ම පර්යේෂණ ආයතනයෙන් ඒ වෙනුවෙන් යම් අදහසක් යෝජනා වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ශිල්පීන්ටත් ආදායම් මාර්ගයක් ලැබෙන ආකාරයට මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 06) කොළඹ BMICH හිදී පැවති අත් යන්ත්‍ර ජාතික කර්මාන්ත සම්මාන උළෙල සහ ප්‍රදර්ශනයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...