ඉදිරියේදී කතානායකවරයාගෙන් ඉතා වගකීම් සහගත ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ (LNW):

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයක් තුළ පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවවේදී මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

“එක එක කණ්ඩායම් ඒක මතු කරලා තියෙනවා. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් එය කරාවි. බලාගෙන ඉන්න. ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න එපැයි. එක එක දේවල් කියාගෙන ඉන්න. මේ දවස්වල එයාලාගේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉතා වගකීම් සහගත ප්‍රකාශයක් කතානායකවරයා සිදු කරාවි.

යම් හෙයකින් මේ වනවිට ඉදිරිපත් වන තොරතුරු සත්‍යය නම් කතානායකවරයා සම්බන්ධයෙන් ගන්න තීරණය කුමක්දැයි මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ,

කතානායකවරයා තමන්‌ගේ සුදුසුකම් පිළිබඳව වාර්තාකරාට පස්සේ අපි ඒක බලමු. සත්‍යය නම් ඒ පිළිබඳ තීන්දුවයි. අසත්‍යයි නම් ඒ පිළිබඳ ගන්න තීන්දුවයි දෙකම කියන්නම්. වුණාට පස්සේ. අසත්‍ය නම් ප්‍රශ්නයකුත් තියෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...