මඤ්ඤොක්කා විතරයි අඩුවට තියෙන්නෙ – කිරිබත් වෙනුවට මඤ්ඤොක්කා තමයි කන්න වෙන්නෙ (Video)

Date:

පාරිභෝගිකයන් පමණක් නොව එළවලු තොග වෙළඳුන්ද මේ වනවිට වැලේ වැල් නොමැති තත්ත්වයට පත්ව ඇති බව මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසනවා. වෙනදා එළවලු කිලෝව බැගින් මිලදී ගත් පාරිභෝගිකයන් ග්‍රෑම් 250 බැගින් මිලදී ගන්නා තත්වයට පත්ව ඇති බවත් ඇතැම් එළවලු ග්‍රෑම් 100 බැගින් පවා මිලදී ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් එම සංගමයේ සභාපතිවරයා පවසනවා.

දොස්තරලා, හාමුදුරුවරු ලබාදෙන උපදෙස් අනුගමනය කිරීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වී ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ අවම වශයෙන් එළවලු තොග වෙළඳුන්ගේ අදහස් හෝ ලබා ගත්තේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා නොවනු ඇති බවයි. දැන් හෝ එළවලු වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී එළවලු මිල තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය කාලයේදී වට්ටක්කා පමණක් අඩුවට තිබූ නමුත් මේ වනවිට වට්ටක්කා මිලද ඉහළ ගොස් ඇති බවත් දැනට අඩු මිලට තිබෙන්නේ මඤ්ඤොක්කා පමණක් බවත් වෙළඳුන් පවසනවා. මේ නිසා අලුත් අවුරුද්දට කිරිබත් වෙනුවට මඤ්ඤොක්කා කෑමට සිදුවන බවයි එම වෙළඳුන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...