වැස්සෙන් වගාබිම් අක්කර දෙලක්ෂ අටසිය හතරකට හානි වෙද්දී වගා හානි වන්දි මුදලත් ඉහළට!

Date:

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ වගා බිම් සදහා ලබා දෙන වන්දි මුදල හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දමා තිබේ.

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ වගා හානි වූ ගොවිබිම් සම්බන්ධව තක්සේරු කටයුතු අවසන් වෙමින් තිබෙන බැවින් කඩිනමින් වන්දි ගෙවීමට හැකි වනු ඇති බවයි.

ගංවතුර තත්ත්වයට ගොදුරු වී වැලි පිරී තිබෙන කුඹුරුවලින් එම වැලි ඉවත් කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සහාය ලබා දීමටද නියමිතයි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ජලගැලීම්වලින් හානියට පත්ව ඇති වගාබිම් ප්‍රමාණය අක්කර දෙලක්ෂ අටසිය හතරකි.

පසුගියදා ඇති වූ ජලගැලීම්වලින් වැඩිවශයෙන් හානි වූ දිස්ත්‍රික් පදනම් කරගනිමින් වගා හානි පිළිබඳ මූලික පරීක්ෂණ අවසන් කර වගාහානි වාර්තා කිරීම සඳහා ගොවිජනතාවට දින 14 ක කාලයක් ලබාදී තිබුණ අතර ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථන වෙත ගොවිජනතාව එම තොරතුරු ලබාදී ඇත.

ඒ අනුව දැනට ගොවීන් එක්ලක්ෂ හාරසිය දාහතර දෙනෙකු තොරතුරු ලබාදී ඇති අතර වගාබිම් අක්කර දෙලක්ෂ අටසිය හතරකට හානි සිදුව ඇති බව ද සඳහන්.

ගොවීන් අදාළ රක්ෂණ වන්දි අයදුම්පත්‍රය භාරදීමෙන් පසු කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩල නිලධාරීන් යළි වගාබිම් වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් පසු වන්දි මුදල් නිදහස් කෙරෙනු ඇති.

මේ අතර වී ,බඩඉරිගු ,ලොකුළූණු,අර්ථාපල් ,මිරිස් සහ සෝයා යන බෝග 6 සඳහා රක්ෂණ වන්දි ලබාදීමට තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...