විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට දිනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

අනිද්දායින් (17) සිට විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම ආරම්භ වන බව සඳහන් වේ.

ජනවාරි 8 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බව, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

2025 වසරේ මුල් මාස 6 දී විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බව විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණු අතර, එම යෝජනාව, කොමිසමේ නිත්‍ය කාර්ය මණ්ඩලය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කෙරේ.

ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකි අතර, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා අදහස් යොමුකිරීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් දැනුම් දේ.

තවද, මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමින් වෙන්කර ඇති ස්ථානවලදී අදහස් ඉදිරිපත් කළ හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...