මෙට්‍රික්ටොන් 8000 ක සහල් වෙළෙඳපොළට මුදා හැරේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, විවෘත ටෙන්ඩර් යටතේ ගෙන්වන ලද සහල් තොග සහල් මෙට්‍රික්ටොන් 8000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ , ආනයනය කරන සියලු සහල් තොග නිසි පරීක්ෂාවට ලක් කරන්නැයි සියලු අංශ වෙත දැනුම්දී ඇති බවත් ,ආනයනකරුවෙකු විසින් ගෙන්වන ලද බහාලුම් 75ක් අතුරින් 3ක තිබී ප්‍රමිතියෙන් තොර සහල් තොග සොයාගත් බවත්ය.

ඒවා කඩිනමින් ප්‍රතිඅපනයනය කරනු ඇති බවත් සඳහන් කළේය.

වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ , ලබන 20 වැනි දායින් පසු ලක් සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සහල් ආනයනය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...