ජනපති ඉන්දීය නිල සංචාරය ආරම්භ වෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

අද (15) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරය ආරම්භ වෙයි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරය අරඹමින් ඉන්දියාව බලා පිටත්ව ගිය බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහාතාගේ පළමු විදෙස් සංචාරය ද මෙය වන අතර, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව පැවසේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බව වාර්තා වේ .

ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන හා වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික වැඩසටහනකට ද නව දිල්ලි නුවරදී එක්වීමට නියමිත අතර බුද්ධ ගයාවේද සංචාරය කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අගමැති මෝදිගේ දැක්මට අනුව ඉන්දීය සාගර කලාපයේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් හිමිවන බවයි.

තවද, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සංචාරයට ජනාධිපතිවරයා සමඟ එක්වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...