ඊශ්‍රායලයේ රැකියා සඳහා ගිය ලාංකිකයින්ට සිදු වූ දේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

මෙරට සිට ඊශ්‍රායලයේ රැකියා සඳහා ගිය ලාංකිකයින් 17 දෙනෙකු පිටුවහල් කිරීමට ඊශ්‍රායල් රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ, කෘෂිකර්ම වීසා මත පැමිණි ඔවුන් සේවා ස්ථානවලින් පළා ගොස් බේකරිවල සේවයේ යෙදී ඇති බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

එහිදී අත්අඩංගුවට පත්ව ඇති ඔවුන්, එරට ආරක්ෂක අංශ භාරයේ රඳවා ගෙන ඇතැයි නිමල් බණ්ඩාර මහතා සඳහන් කළ අතර, ඊශ්‍රායලය, සිය රටට පැමිණෙන විදේශකයින් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන රටකි. ඒ අනුව සේවා කොන්දේසි කඩ කළ තවත් ලාංකික සාත්තු සේවිකාවක් හා පුද්ගලයෙකු පසුගිය දා යළි මෙරටට එවා තිබුණේ ඔවුන්ව, අසාදු ලේඛනගත කරමින් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...