උත්සව සමයේ බිත්තර මිල පහළට.වැඩි මිලට ගන්න එපා.සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයෙන් දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:උත්සව සමය වෙනුවෙන් අද (16) සිට වෙළෙඳපොළේ බිත්තර මිල පහළ ගොස් තිබෙන හෙයින් කිසිවිටෙකත් වැඩි මිලට බිත්තර මිලදී ගැනීමට අවශ්‍ය නැති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

එහි සභාපති නිශාන්ත අප්පුහාමි මහතා පවසන්නේ අද සිට රු. 30ත් 35ත් අතර සිල්ලර මිලට බිත්තර මිලදී ගැනීමට හැකි බවයි.

රු.30ත් 32ත් අතර මිලකට තොග මිල පවතින හෙයින් රු.35ට අඩුවෙන් පාරිභෝගිකයා වෙත බිත්තර අලෙවිකරන ලෙස ඔහු ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය වසරේ මෙම කාලය වනවිට බිත්තරයක මිල රු.65ත් 70ත් වැනි ඉහළ මිලක පැවතුණ නමුත් මේ වන විට එම තත්ත්වය සමනය කරගනිමින් බිත්තර නිෂ්පාදනයද වැඩි වී තිබෙන නිසා මෙම සහනය පාරිභෝගික ජනතාවට ලබා දිය හැකි බවයි අප්පුහාමි මහතා පවසන්නේ.

සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට සාපේක්ෂව මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට බිත්තරයක් නිෂ්පාදනය කිරීමට යන මිල අඩු වුවද සුළු පරිමාණ නිෂ්පාදකයින්ට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රු. 32ත් 34ත් වැනි මුදලක් වැය වන හෙයින් මෙම තත්ත්වය සලකා බලා මෙම කුකුල් ආහාර මිල අඩුකිරීමට යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අප්පුහාමි මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සඳළුතලයෙන් බිමට බැස්ස තානාපති සේවය! (VIDEO)

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට...

චමරිමය රැයක් වූ අසිරිමත් ක්‍රිකට් සම්මාන උළෙල

නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW: ක්‍රිකට් සම්මාන රාත්‍රියට පෙර...

‘සාගරිකා’ දුම්රිය අනතුර වැලකූ අයව ඇගයේ!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : පසුගිය දා වෙරළබඩ...

ව්‍යාජ ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයින් 05...