ඉලක්කයට පන්දු යැවීමෙන් බංගලාදේශ තරුණියන්,ශ්‍රී ලංකාව පරාජය කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 16 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් බංගලාදේශ පිතිකාරිණියන්ට වයිඩ් පන්දු 11 ක් යවමින් ලබා දුන්,ලකුණු 11 සහ අතිරේක පන්දු 11 බංගලාදේශ පන්දු යවන්නියන් ලබා දුන්නේ නැහැ.ඔවුන් විසින් යවනු ලැබුවේ එක් වයිඩ් පන්දුවක් පමණයි. එය ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම ආසියානු කුසලානය වෙනුවෙන් පවත්වන 20/20 තරගාවලියේ අද පැවති තරගයේදී බංගලාදේශ කණ්ඩායම ඉදිරියේ ලකුණු 28 න් පරාජයට වීමට බෙහෙවින් හේතු වුණා.ඊයේ සත්කාරකත්වය දරන මැලේසියාවට එරෙහිව විශිෂ්ඨ ජයක් ලැබූ ශ්‍රී ලංකාව පිතිකරණයේ දී දැක් වූ අසාර්ථකත්වය මත මෙම පරාජය අත් කර ගත්තත්,නිසි ඉලක්කයට පන්දු යැව්වේනම් බංගලාදේශය ලබා ගත් ලකුණු 122 ට මෙපිටින් නවතා ගැනීමේ හැකියාව තිබුණා.


පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශයට එරෙහිව ආරම්භක පන්දු යවන්නියගේ භූමිකාවේ නියැලෙමින්,රශ්මිකා සෙව්වන්දි ලකුණු 23 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණුනා.මෑත කාලයේ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමෙන් මතු වී පෙණෙන,ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත තුන් ඉරියව් බලාපොරොත්තුවක් ලෙස නිසැකවම හැඳන්විය හැකි රශ්මිකා,පන්දුවට පහරදීමේදී ත්,ශ්‍රී ලංකා ඉණිමේ දෙවන වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 20 රැස් කරන්නට සමත් වුණා.


පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දු ඕවර් 20 නිමාවේ රැස් කර ගත්තේ කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් පමණයි.පළමු තරයේදී මෙන්ම,දෙවන තරගයේදී ද,ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ශෂීනි ගිම්හානි කණ්ඩායමේ දකින්නට ලැබුණේ නැහැ.සමහර විට පන්දු යැවීමේ අභියෝගයට ඇයගේ දායකත්වයද එකතු වූණානම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබුණා.


කෙසේ නමුත් ශ්‍රී ලංකා පිතිකරු බල ඇණිය ගත් විට ලකුණු 122 හඹා යා නොහැකි තත්ත්වයක නැහැ.පළමු තරයේදී අති සාර්ථක වූ මනුදි නානායක්කාර මේ තරගයේදි අසාර්ථක වුව ද,ලිමිනි තිලකරත්න පන්දු 16 දී ලකුණු 16 ක් සහ ආරම්භක පිතිකාරිණිය සංජනා කාවින්දි පන්දු 13 දි ලකුණු 21 ක් ලබා ගනිමින් තරගයේ ලකුණු වේගය සමඟ තරගය පෙරට රැඟෙන ගියත් සෙසු පිතිකාරිණියන්ට සිය කඩුලු රැක ගනිමින් එම තත්ත්වය කළමණාකරණය කර ගන්නට නොහැකි වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...