විපක්ෂ නායක සජිත් පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ලක්ෂාන්ට අවසන් ගෞරව දක්වයි (PHOTOS)

Date:

ආණ්ඩුවේ සිය මර්ධනකාරී ක්‍රියාපිළිවෙත හේතුකොටගෙන රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී මියගිය දෙදරු පියෙක් වූ කරඳගස්තැන්න නාරම්බැන්ද පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) ඒ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීය.

තම ස්වාමියාගේ අභාවයෙන් කම්පනයට පත්ව සිටින චමින්ද ලක්ෂාන් මහතාගේ දයාබර බිරිඳ සහ ඒ මහතාගේ දෙ දරුවන් සමග ශෝකය බෙදා ගත් විපක්ෂ නායකවරයා එම ඝාතනය සම්බන්ධ නිසි පරීක්ෂණයක් සිදුකිරීම උදෙසා පාලකයින්ව යොමු කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට සහතික විය.

පවුලේ අත්‍යවශ්‍ය ඉදිරි කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ සජිත් ප්‍රේමදාස මහතා, ඕනෑම මොහොතක සමගි ජන බලවේගය හැටියටත්, විපක්ෂ නායකවරයා ලෙසත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවටද සහතික විය.

May be an image of 8 people, people sitting, people standing and indoor
May be an image of 9 people, people standing and indoor
May be an image of 7 people, people standing, flower and indoor
May be an image of 7 people, people sitting and people standing
May be an image of 5 people and people standing
May be an image of 5 people, people sitting, people standing and indoor

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...