ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාවයි – ජුලී චන්ග්

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

අද (20) දින ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හමුවීම සඳහා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පැමිණියාය.

ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම  පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත්ය.

දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන බවත්‍, මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්, තවදුරටත් එතුමිය සඳහන් කර ඇත. තවද, සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ඇය පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...