ගාසාවට යළිත් ඊශ්‍රායල් ප්‍රහාර, 50ක් මිය යයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

ගාසා තීරයේ ආරක්ෂිත කලාපයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර වලින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයේ අල්-මාවාසි හි රෝහල්, පාසල් හා නිවාස ඇතුලත් ආරක්ෂිත කලාපයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙන අතර, ඉන් පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, උතුරු ගාසා තිරයේ කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔක්සිජන් හා ඉන්කියුබේටර් අවශ්‍ය ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් 400කට ආසන්න සංඛ්‍යාවක් රෝහල තුළ රැඳී සිටින බැවින් රෝහලින් ඉවත්වීමේ ඊශ්‍රායල නියෝගයට අවනත වීම කළ නොහැකි දෙයක් බවයි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට පලස්තීනුවන් 45,259 ක් මිය ගොස් 107,627 ක් තුවාල ලබා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...