ගුවන් මඟියෙකු ගෙන ආ කෝටි ගණනක “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ (LNW):

අද (24) දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියකු රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුයෙක් බව සඳහන් ය.

ඔහු රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 04 යි ග්‍රෑම් 388ක් පාර්සල් 05 ක් ලෙස සකස් කර සඟවා ගෙන පැමිණ සිටියදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර, අදාළ පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...