චීන රජයට අග්‍රාමාත්‍යවරියගේ ස්තූතිය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ (LNW):

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය වෙනුවෙන් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේදී අද (27) උත්සවයක් ‍සංවිධාන කර තිබු අතර එයට එක්වෙමින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවේ, කිසිදු ‌භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබා දීම රජයේ අරමුණ බවයි.

මෙහිදී චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ලබා දීමට ද නියමිතයි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන් ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ චීන රජයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ශක්තිමත් පවුලක්, ප්‍රජාවක් ගොඩනැගීමටත් රජයට අවශ්‍ය බවත්, මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව චීන රජයට ස්තුතිය පළ කරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...