මහා පරිමාණ මත්පැන් සමාගම් දෙකේ ඒකාධිකාරියට එරෙහිව සුළු හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් පැමිණිල්ලක්

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදක සමාගම් දෙක විසින් පවත්වාගෙන යන වෙළඳ ඒකාධිකාරිය සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ලබන සතියේදී මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරල්වරයාට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයාට ද සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානමින් සිටින බව සඳහන්.

මෙම සමාගම් දෙක විසින් වෙළඳපොලට එල්ල කරන අයුතු බලපෑම් හමුවේ තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව මෙසේ පැමිණිලි කරන අතර අදාළ බලධාරීන් හරහා සාධාරණය ඉටු කරගැනීමට අපේක්ෂා කරන බවයි සුළු හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රකාශකයකු අප වෙත පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...