ටින් මාළු සඳහා පාලන මිලක්. අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (දෙසැම්බර් 28) දිනයේ සිට බල පැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම උපරිම සිල්ලර මිල පනවා ඇත.