මේ ගෝඨාගේ නගර අලංකරණ වැඩේම දිගුවක්ද …?

Date:

මට නම් හිතෙන්නේ ක්ලීන් ශ්‍රීලංකා වැඩෙත් ගෝඨාබයගේ නගර අලංකරණ වැඩේ වගේම සංදර්ශනවාදයක් කියලා…

ඇත්තටම දැන් මේ ආන්ඩුවට කරන්ට තියෙන්නේ මේවා නෙමේ.. දැන් ආන්ඩුව වහ වහා යොමුවෙන්ට ඕන සේවා හෝ වේවා නිශ්පාදන හෝ වේවා මොනයම් හෝ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් වෙතයි..

ඒ වගේම එවැනි ආර්ථික සංවර්ධන මාවතකට ප්‍රවේශ වීමට මේ ආන්ඩුවට හොඳ දේශපාලන පදනමකුත් රටේ තියෙනවා..

ආන්ඩුවට තුනෙන් දෙකටත් එහා ගිය දේශපාලන බලයක් ලැබිලා තියෙනවා.. විපක්ෂය දුර්වල වෙලා නිසා විරෝධතා දක්වන්ට ප්‍රතිවිරුද්ධ බලවේග රටේ නෑ…

විපක්ෂයෙන් පාර්ලිමේන්තු නියෝජනය ලැබිලා තියෙන කීපදෙනා කියන්නෙත් ආන්ඩුවේ ගමනට සහයෝගය දෙන බවක්.. ඒවගේම හැමදේටම බාල්දි දාන වෘතිය සංගම් ඉන්නෙත් ආන්ඩුවේ අත යට..

ඒවගේම මොන සංවර්ධන වැඩක්වත් කරන්න දෙන්නේ නැති ඊනියා අධිරාජ්‍ය විරෝධයෙත් කොටසක් බලරහිත වෙලා සහ අනික් කොටස ආන්ඩුවට ඕනවිදියට අතයට තියං ඉන්න පුළුවන් විදියට ආන්ඩුව ඇතුලෙම හීලෑවෙලා තියෙන්නේ ..

ඇත්තෙන්ම ස්වකීය අභ්‍යන්තර නොහැකියාවක් හෝ වැඩපිළිවෙළක් නැති අර්බුදයක් නැත්නම් අතපත ගගා ඉන්න දෙයක් නෑ, ආර්ථිකය නගාසිටවීමට ආන්ඩුවට වඩා වාසිදායක පරිසරයක් රටේ මේ මොහොතේ තියෙන්නේ ..

පහු පහු කියන්නේ කොහු කොහු තමා …..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය තවත් පිම්මකින් ඉදිරියට – තෙවන කාර්තුවේත් ධන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...