මහනුවරට තෙවැනි ජය

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 30 ,(LNW)කොළඹ :

මාස්ටර්කාඩ් ජාතික රග්බි ලීග් සූරතාවලියේ තෙවන තරගයට මුහුණ දුන් මහනුවර කණ්ඩායම එහිදී ලකුණු 39 – 28 ක් ලෙස සීඑච්ඇන්ඩ්එෆ්සී කණ්ඩායම පරාජයට පත් කරන්නට සමත් වුණා.තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සිය අණසකට ගත් මහනුවර කණ්ඩායම ලකුණු 24 – 7 ක් ලෙස ඉදිරියෙන් සිටියා.එහෙත් දෙවන අර්ධයේදී මහනුවර කණ්ඩායමට අභියෝග කළ සීඑච් ක්‍රීඩකයින් ලකුණු 21 ක් එක් කර ගනිද්දී මහනුවර කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 15 ක් පමණයි.


මහනුවර කණ්ඩායමෙන් උත්සාහක දිණුම් හයක් වාර්තා වූ අතර ඉන් දෙකක්ම ඩිනාල් ඒකනායක විසින් ලබා ගැනීමට සමත් වුණා.වජීඩ් ෆවුමි,ශ්‍රීනාත් සූරියබණ්ඩාර,කවිඳු පෙරේරා සහ නයිජල් රත්වත්ත එක උත්සාහක දිණුම බැඟින් ලබා ගන්නට සමත් වුණා.එම උත්සාහක දිණුම් හයෙන් තුනක ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් සහ එක් නිදහස් පහරක් සාර්ථක කර ගනිමින් තරින්ද රත්වත්ත මහනුවර කණ්ඩායමට ලකුණු ලබා දෙන්නට සමත් වුණා.


සීඑච් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් හතරක් වාර්තා වුණා.එම උත්සාහක දිණුම් හතර නිරෝෂ් පෙරේරා,ජනිත් චන්දිමාල්,පුලස්ති දසනායක සහ තනූජ ඩිල්ෂාන් අතරේ එක බැඟින් බෙදී ගියා.ජනිත් චන්දිමාල් උත්සාහක දිණුම් හතරෙන් එකකට දායකවීමට අමතරව වාර්තා වූ උත්සාහක දිණුම් හතරේම ප්‍රවර්ථන නිසි ඉලක්කයට යොමු කිරීමට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...