අත්හැර දැමුණු යාපනය ලුණු ලේවායන් දෙකත් කඩිනම් සංවර්ධනයට!

Date:

කොළඹ LNW:යුද්ධය හේතුවෙන් අත් හැර දමා තිබූ යාපනය ලුණු ලේවායයන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට තීරණය කර තිබේ.

මෙම වසරේ ලුණු නිෂ්පාදනය සැලකිය යුතු අයුරින් අඩුවී තිබෙන අතර යුද්ධය අවසන් වීමෙන් පසු යාපනයේ පවතින ලුණු ලේවායන් දෙක මෙතෙක් කල් සංවර්ධනය නොකිරීම හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බලපෑමක් ඇති වී තිබෙන බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා පවසන්නේ.

එළඹෙන ජනවාරි මාසයේදී එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති හෙයින් මාර්තු මාසය වන විට එහි ලුණු නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කරයි.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින අතර එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවද ඔහු පවසයි.

යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිටරටින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් ලුණු හිඟයක් මතු නොවන හෙයින් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...