රාජ්‍ය බැංකු දෙකකට පොලු තියපු මැති ඇමතිලාට වැඩ වරදියිද?

Date:

කොළඹ LNW:ඉල්ලා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි සහ බරපතල වංචා හා දූෂණ වැලැක්වීමේ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල්ද සිල්වා විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් සහන පොළී යටතේ ණය ලබාගෙන තිබෙන මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබාගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

තොරතුරු දන ගැනීමේ පනත යටතේ එම තොරතුරු මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව සඳහන්.

1994 වසරේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් සහන පොළී යටතේ ණය ලබාගත් මැති ඇමතිවරුන්ගේ ලයිස්තුවකුයි ඔවුන් විසින් ලබාගැනීමට සැරසෙන්නේ.

එම කාල සීමාව තුළ සහන පොලියට රුපියල් ලක්ෂ පනහත් ලක්ෂ සියයත් අතර ණය ලබා ගත් මැති ඇමතිවරු විශාල පිරිසක් එම ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති බව දැනගන්නට ලැබීම නිසා මෙලෙස තොරතුරු ලබාගැනීමට සූදානම් වන බවයි වාර්තා වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...