සප්ත ප්‍රයාම දක්ෂතා ශ්‍රේණිගතවීම ඔලිම්පික් පදක්කම් පිළිවෙලට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 30 ,(LNW)කොළඹ :

කාන්තා සප්ත ප්‍රයාම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්,2024 ගෙවෙද්දි පවතින්නේ පැරිස් ඔලිම්පික් උළෙලේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ආකාරයටය.එම පදක්කම් තුන සඳහා දැක් වූ දක්ෂතාවයන් ද,එම ඉසව්වේ වසරේ හොඳම දක්ෂතා සටහනේ පළමු,දෙවන සහ තෙවැන තැන් ලබා තිබීමද විශේෂයකි.
ඒ අනුව මේ වසරේ සප්ත ප්‍රයාම ඉසව්වේ ශ්‍රේණිගත කිරීමේ පළමු තැන පැරිස් ඔලිම්පික් රන් පදක්කම්ලාභී බෙල්ජියමේ නෆිස්සාටෝ තාහිම් ට හිමිව තිබෙනවා.පැරිස් රිදී පදක්කම දිනූ මහා බ්‍රිතාන්‍යයේ කැට්රිනා ජොන්සන් – තොම්සන් ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන පසුවෙනවා.ශ්‍රේණිගත කිරීම් හී තෙවන තැන සිටින්නේ බෙල්ජියම් ක්‍රීඩිකා නූර් විඩ්ට්ස් ය.


දශ ප්‍රයාම ඉසව්ව සළකා බැලීමේදී වසරේ දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීම් කරද්දී පළමු තැන සිටින ජර්මණියේ ලියෝ නියෝගෙබොර් පැරිස් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනූ ක්‍රීඩකයායි.පැරිස් රන් පදක්කම දිනූ නෝර්වේ රාජ්‍යය නියෝජනය කළ මාර්කස් රූත් ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ දෙවන තැනයි.පැරිස් ඔලිම්පික් උළෙලේ තෙවන තැන සහ ජගත් ශ්‍රේණිගත කිරීම්වල තෙවන තැන සමාන වන අතර එය ග්‍රෙනඩාවේ ලින්ඩන් වික්ටර් විසින් අත්කර ගෙන තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...