ලොව වේගවත්ම අධිවේගී දුම්රිය මූලාකෘතිය චීනයෙන්!

Date:

කොළඹ LNW:චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය පසුගිය දා බෙයිජිංහි දී එළි දක්වා තිබෙනවා.

අංක CR450 දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්ද පාලන සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ වන බව ද වාර්තා වනවා.

මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්වය යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400 කි. මෙම දුම්රිය නුදුරු අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, අදාළ ස්ථාන අතර ගමනාගමනය සඳහා ගත වන කාලය සම්පිණ්ඩනය කළ හැකි අතර, එමගින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන එනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙහි සුවපහසු බව ඉතා ඉහළ අතර, මැදිරිවල සේවා අවකාශය 4% කින් වැඩි වීමෙන්, විවිධාංගීකරණ, පහසුකම්, සහ ස්වයංක්‍රීය සේවාවන් ද මගීන්ට සැපයිය හැකියි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...