කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කළ ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ (LNW):

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ කොමිෂන් සභාවේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ, අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ තම සොහොයුරෙකු බැවින් එම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස දන්වමිනි.

අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධ මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබෙන අතර, එය විනිශ්චය කිරීම තමා ඉදිරියේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව තිළිණ ගමගේ මහතා පවසා ඇත.

ඒ අනුව ඔහු ඉල්ලා තිබෙන්නේ , අදාළ නඩුව විභාග කිරීම සඳහා සුදුසු මහේස්ත්‍රාත්වරයෙකු පත්කරන ලෙසයි.

පසුගිය 27වනදා රුපියල් මිලියන නවයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනුණේ, කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරින්ටන් ඇවනිව් හි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරාගෙන තිබෙන අතර, එම මුදලට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබා ගැනීමට සහාය ලබා දෙන බව පවසා මෙම අල්ලස් මුදල් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...

දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් (Galitos) ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට

දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන...

තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: සෞඛ්‍යමය ගැටළු මත චරිත්...