බිංගිරියේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑ සැකකරුවන් රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (දෙසැම්බර් 30) දිනයේදී බිංගිරිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද දිනයේදී ඔවුන් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සැකකරුවන් දෙදෙනා ජනවාරි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හෙට්ටිපොල වැඩබලන මහේස්ත්‍රාත් ඒ. සී. ඒ. සලාම් මහතා ජනවාරි 07 වනදා ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියෝග කර ඇත.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසිම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...