එස්.බීත් එහෙනම් හාද…..?

Date:

කොළඹ LNW:හොරකම,වංචාව,දුෂණය නැති කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල හරහා උත්සහ අකර තිබීම ඉතාම හොඳ දෙයක් බව හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසයි.

හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ මංකොල්ලකෑම,අල්ලස,දුෂණය සම්පූර්ණයෙන් ඉවත් නොකර රට ගොඩගත නොහැකි බවයි.

පසුගිය ආණ්ඩුවේද දේශපාලනයට මුවා වී හොඳට හම්බකරගත් අය සිටි බවද දිසානායක මහතා කියාසිටියි.

”පහුගිය කාලයේ හිටපු දේශපාලඥයින්ගෙන් මැතිඇමතිවරුන්ගේ රාජකාරිය, අංක එක කීයක් මට ලැබෙනවද කියන එක. ඒක හොඳ එකක් නෙවෙයිනේ. මම මේ කතා කරන්නේ ජේ.ආර් ගේ යුගයෙන් පස්සේ. ජේ.ආර්ගේ යුගයෙන් පස්සේ මේ රටේ දේශපාලනය තනිකර හම්බකරන දේශපාලනයක් බවට පත්වුණා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරගන්න ඕනේ. ඒක ක්ලීන් කරගෙනනේ නැතුව මේ රට ගොඩගන්න බැහැ. පහුගිය ආණ්ඩුවේත් හිටියා හොඳටම හම්බකරපු අය. දැන් ඔය අහුත්වෙයි. දඬුවම් ලබපු අයත් හිටියා. සමහර අය ටික කාලයක් අයින්වෙලා ඉඳලා ආපහු ගත්තා. ඒ නිසා ඒ දේශපාලන මංකොල්ල කෑම,අල්ලස දුෂණය වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් නොකර මේ රට ගොඩනගන්න බැහැ.”

මේ අතර වත්මන් ආණ්ඩුව විසින් හොරු අල්ලනු ඇති බවට තමන්ටද විශ්වාසයක් ඇති බව දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...