අපරාදෙ එයාට ඒ කතාව නොකියා ඉන්න තිබ්බෙ ….

Date:

කතරගම දේවාලය කියන්නෙත් දලදා මාළිගාව වගේම මේ රටේ බහුතරයක් ජනතාවගේ පූජනීය තැනක්.. මේ දෙකම ඇදහිලි නම් එකකට මල් අරන්ගිහින් අනෙකට අපහාසකරන එක වංචනික වැඩක්…

මිනිස්සු දේවාලවලට සල්ලි දුන්නට ආන්ඩුවට සල්ලි දෙන්න කැමති නෑ.. හේතුව මිනිස්සුන්ට මේ ආන්ඩු දේවාල තරම්වත් විස්වාස නැතිකම. ඉතිං ඒ පඬුරු විදියට එකතුවෙන සල්ලි සුබසාධන වැඩ වලට ගන්ට පුලුවන් විදිහ ඕක තමා..

අනිත් එක ආන්ඩුවේ දෘෂ්ඨිවාදයට කැමති වගේම අකමැතිත් දානපති ආයතනත් මේ රටේ තියෙනව..ඒ හැම කෙනෙකුටම ඒ සත්ක්‍රියාවට අවස්තාවල තියෙන ඕන.. රෝහල් වෛද්‍ය මණ්ඩලයත් සමඟ සාකච්චා නොකර කවුරුත් බලෙන් රෝහල් බිමේ ගොඩනැගිලි හදන්ට යන්නෙ නෑනේ..

ලංකාව වගේ රටවල් වල නෙමේ ඇමෙරිකාව වගේ මහා දියුණු රාජ්‍යයවල්වල පවා චැරිටි කියන ඒවා මහාපරිමානයෙන් ක්‍රියාවට නැංවෙනවා..ඒක ඒ අයගේ ආර්ථිකයේ අත්‍යාවශ්‍ය නියෝජනයක් ..එහෙම නැතිව මොනම රටකටවත් පවතින්න බෑ..

ව්ශේෂයෙන්ම ලංකාව කියන්නේ සැත්කමක් කරගන්න අවුරුදු ගනන් පෝලිමේ ඉන්න වෙන රටක් ..තාම හරියට බංකොලොත් ගඳවත් ගිහින් නැති රටක නලින්දට පුලුවන්ද ඒ ඔක්කොටම වැඩවලට ඇතිවෙන්ට ප්‍රතිපාදන දෙන්ට..

ලංකාව වගේ සදාසොත්ති රටවල් නෙමේ ලෝකයේ මහා දැවැන්ත රාජ්‍යටන් පවා රජය මැදිහත් වෙලා ඔක්කොටම සුබසාධන කරන්ට ගිහින් අන්තිමේදී කෙල උනාම සහකම්පනයෙන් ධනපරිත්‍යාග කලෙත් ලෝකේ හිටපු තනි තනි දානපතියොම තමා..

නලින්ද කියන්නේ ඒ කන්ඩායමේ අනෙක් අයට සාපේක්ෂව අවබෝධයෙන් කතාකරන කෙනෙක් .. අපරාදෙ එයාට ඒ කතාව නොකියා ඉන්න තිබ්බෙ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...