නොර්වේ වෙතින් ලද පරිසර ආදර්ශය!

Date:

කොළඹ LNW: 2025 වසර සම්පූර්ණ වන විට මාර්ගයට එක්කරන සියලු වාහන විදුලි වාහන විය යුතු බවට වන නොර්වේ ඉලක්කය අනුව ගෙවුණු වසරේ අලෙවි වූ නවතම මෝටර් රථ දහයෙන් නවයක්ම පෙට්‍රල් හෝ ඩීසල් භාවිතා නොකර විදුලි බලයෙන් ධාවනය වන මෝටර් බව එරට වාර්තා අනාවරණය කරයි.

ඉන්ධන භාවිතය වෙනුවට විදුලියෙන් ධාවනය වන වාහන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අනුව 2023 වසරේදී නොර්වේ විදුලි මෝටර් රථ භාවිතය 82.4%ක් දක්වා වර්ධනය කරගෙන තිබුණු අතර 2024 එය තවදුරටත් ඉදිරියට යමින්විදුලි මෝටර් රථ භාවිතය 89.8%ක් දක්වා වර්ධනය කරගෙන තිබේ.

නොර්වේ ඉලක්කය වන්නේ මහා මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම පෙට්‍රල්,ඩීසල් වැනි ඉන්ධන භාවිතයෙන් ධාවන වන වාහන ඉවත්කර ගැනීමය.
එය මෝටර් රථ වෙළෙඳපොළ තුළින් ඔවුන් ආරම්භ කර තිබෙන අතර සාර්ථක අවසානයක් කරා යමින් හිඳින බවයි නොර්වේ වාර්තා පෙන්වා දෙන්නේ.

නොර්වේ ඉන්ධන නිෂ්පාදනය කරන රටක් වුවද නොර්වේ මේ වන විට පෙට්‍රල් හා ඩීසල් භාවිතා කරන මෝටර් රථ වෙනුවෙන් අයකරන බදු ඉහළ දැමීමටද කටයුතු කර ඇත.

ඒ අනුව නොර්වේ ඉන්ධන අලෙවිසල් තුළද විදුලි මෝටර් රථ බලගැන්වීම වෙනුවෙන් එම ආරෝපණ මධ්‍යස්ථාන වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබීමද විශේෂත්වයකි.

පොදු ප්‍රතිපත්තිමය තීරණය වෙනුවෙන් සමස්තය හැඩගැසෙන ආකරය පිළිබඳ මේ හරාහම නොර්වේ රාජ්‍යය සිය ආදර්ශය පෙන්වමින් හිඳියි.

පරිසරය කෙරෙහි වන ළබැඳි ප්‍රතිපත්තිය අනුව යමින් පරිසරය රැකගැනීමට මැදිහත්වන අයුරු ප්‍රයෝගිකවම නොර්වේ පෙන්වමින් සිටීම සමස්ත ගෝලීය ප්‍රජාවටම ආදර්ශයකි.

පරිසර සංරක්ෂණය ගැන ඉහළ අවධානයක් යොමුකරමින් 2035 වන විට යුරෝපා සංගමයද කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කරන මෝටර් රථ අලෙවිය තහනම් කිරීමේ තීරණයකද පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්!.

කොළඹ LNW:ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (31)...

STF වැටලීමකදීයි කොටු වූ ලොකු පැටීගේ ගෝලයා!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : පොලිස් විශේෂ කාර්ය...

ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක...

මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ ජනපති…

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW: ඊයේ (30) පස්වරුවේ ,...