මහින්ද සමරසිංහ මාලිමාණ්ඩුවේත් ඇමරිකා තානාපති

Date:

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ තබාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් බව සඳහන්.

පසුගිය ආණ්ඩුව විසින් සිදුකළ දේශපාලන පත්වීම් වශයෙන් තානාපති සේවයට යැවූ 16 දෙනෙකු යළි කැඳවීමට රජය පියවර ගෙන තිබිණි. එහෙත් මහින්ද සමරසිංහ මහතාගේ සේවය දිගටම ලබාගැනීමටයි රජය තීරණය කර ඇත්තේ.

විවිධ ආණ්ඩු කිහිපයකම අමාත්‍ය තනතුරු දරා ඇති මහින්ද සමරසිංහ මහතා 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2021 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරට පත්වූයේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම ලබාදුන් අතර පසුව ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා යටතේත් ඇමරිකාවේ තානාපති ධුරයෙහි කටයුතු කළේ මහින්ද සමරසිංහ මහතාම ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්

කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම්...

ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු...