වැලිගම වෙඩිතැබීමක්. අයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැලිගම, කප්පරතොට, වල්ලිවල මාර්ගයේදී අද (දෙසැම්බර් 04) අලුයම වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

එම මාර්ගයේ පයින් යමින් සිටි පස් දෙනෙකුට යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩිතබා ඇති අතර දෙදෙනෙකුට පමණක් වෙඩි වැදී ඇත.

එහිදී එක් අයෙකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වැලිගම, පන්සල වත්ත, ජෝති කොරටුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

වෙඩිතැබීම සඳහා T 56 ගිනිඅවියක් භාවිතා කර ඇති බවත් වාර්තා විය.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...