මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ : යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට!

0
1341

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ (LNW):

මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි. ඒ මහතා අද දින හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ බව වාර්තා වේ.

මාතලේ ප්‍රදේශයේදී උපත ලද මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ  මහතා මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු 1989 දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්ව ඇති බව සඳහන් වේ.
 

ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන්නේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරය වන අතර, මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වේ. ඔහු ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි .